Tuesday, December 6, 2011

දැන් හැමෝම කථා කරන්නේ ලංකාවේ සුන්දරත්වය ගැනයි


lankahotnews.org
අද සියලු දෙනාම පාහේ කතා කරන්නේ ලංකාවේ සුන්දරත්වය පිළිබඳව යි. මම ආඩම්බරයෙන් කියන්න කැමතියි පසුගිය දවසක විදේශ දූත මණ්ඩල ප‍්‍රධානීන් මුණ ගැසුණු අවස්ථාවේ ලංකාවේ පිරිසිදු බව සහ එහි සුන්දරත්වය ගැන කතා කිරීම
සම්බන්ධ ව. එය අපිට ආඩම්බරයක් යැයි ද ජනාධිපතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය මගින් සංවිධානය කළ පළාත් පාලන ජාතික මහ සමුළුව අද (06) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේ දීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධීපතිතුමා තම ගම, නගරය ලස්සනට තබා ගත යුතු බවත්, ඒ සඳහා පළාත් පාලන නියෝජිතයින් වන ඔබට විශාල වගකීමක් පැවරෙන බවත් අවධාරණය කළේය.

No comments:

Post a Comment