Tuesday, December 6, 2011

ඇමති බන්දුලගෙන් තවත් අත්තනෝමතික වැඩක්


lankahotnews.org
හොරණ ප‍්‍රදේශයේ වාර්ෂිකව නැටුම් වලින් සමස්ත ලංකා මට්ටමින් ජයග‍්‍රහණ ලබන පාසල් සිසුන්ට සම්මාන ප‍්‍රදානය කිරීම සදහා පැවැත්වෙන ‘‘ප‍්‍රණාම සරණීය සම්මාන උළෙල’’ මෙවර අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට සහභාගී වීමට අපහසු බව පවසා එය හොරණ
ප‍්‍රදේශයේදී පවත්වනවා වෙනුවට තමන්ට සහභාගී වීමට පහසු බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පවත්වන ලෙස උපදෙස් දී ඇත.

මේ නිසා හොරණ ප‍්‍රදේශයේ පිහිටි පාසල් වල සිසුන්,  ගුරුවරුන් හා දෙමව්පියන් සිය ගණනක් එම උත්සවයට සහභාගීවීම ස`දහා බස්රථ 08 ක් වෑන් රථ 08 ක් හා ති‍්‍රවිලර් යොදා ගනිමින් අමතර කාලයක් හා මුදල් වැය කරමින් බත්තරමුල්ලට පැමිණ ඇත.  එසේම මෙම උත්සවය ස`දහ හොරණ කලාපයේ නැටුම් ගුරුවරයෙකුගෙන් රු. 750/- මුදලක් එක් රැුස් කර ඇති අතර උලෙල පැවැත්වෙන ශාලාවට රු.25000/- ක් හා වේදිකා පසුබිම සැකසීමට රු.75000ක් වැය කර ඇති බවද වාර්තා වේ.  මෙවැනි කි‍්‍රයා කිසිසේත අනුමත නොකරන බව ලංකා ගුරුසේවා සංගමය ඒ සම්බන්ධව දැඩි විරෝධය ප‍්‍රකාශය කර ඇත.

ලංකා ගුරු සේවා සංගමයේ පධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් පලකරන ලද මාධ්‍ය නිවේදනයක් මගින් තවදුරටත් මෙසේ පලකර ඇත. ‘‘පාසල්වල සිසුන්ගේ වාර විභාග ඇගයීම් හා ප‍්‍රගති වාර්ථා සකස් කිරීමත් වාර අවසන් විවිධප‍්‍රසංග හා ත්‍යාග ප‍්‍රධානෝත්සව පැවැත්වෙන අතිශය කාර්ය බහුල අවස්ථාවක මෙවැනි උත්සවයක් සදහා දින වෙන් කිරීම නිසාත් එම අවස්ථාවට සහභාගීවීමට නියමිත සිසුන්, ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් ද තවත් අපහසුතාවකට පත්ව සිටී.  මෙවැනි තත්වයක් තුළ තවදුරටත් සිසුන් ගුරුවරුන් දෙමව්පියන් පිඩාවට පත් කරමින් සපුරා ගැනීමට බලාපොරොත්තු වන පටු දේශපාලන උවමනාවන් විසින් සමාජය පීඩාවට පත් වනවා හැරෙන්නට වෙන යමක් සිදු නොවනු ඇති බව අවධාරණය කරන  ලංකා ගුරුසේවා සංගමය මෙරට අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන්  විශේෂයෙන්  පාසල් දරුවන් හමුවේ මෙවැනි අත්තනෝමතික කි‍්‍රයාමාර්ග වලින් බැහැරව කටයුතු කිරීම මෙරට හතලිස් ලක්‍ෂයක් වන සිසු දරුවන්ට මෙන්ම රටට ද යහපතක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.’’

No comments:

Post a Comment