Sunday, December 4, 2011

මතභේදයට තුඩු දුන් ඇමරිකාවේ බෙල් හෙලිකොප්ටර් ශ්‍රී ලංකාවට


 lankahotnews.org
2011 ජූලි මාසයේ ටෙන්ඩර් කැදවූ බෙල් 412 වර්ගයේ නව හෙලිකොප්ටර් යානා 02 ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම ඇමරිකාවේ ටෙනසී හි පිහිටි බෙල් අංගනයේදී දෙසැම්බර් 1 සිදු විය. මෙම හෙලිකොප්ටර මිලදී ගැනීමට ඩොලර් මිලියන 13.4ක් වැයවේ. මේවා යොදා ගන්නේ ප්‍රභූ ආරක්ෂක කටයුතු වලටයි.
මේ අනුව ලංකාවේ මෙම වර්ගයේ බෙල් හෙලිකොප්ටර් 8ක් ඇත.මේවා භාරගෙන ඇත්තේ ඇත්තේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම විසිනි මෙම අවස්ථාවට ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය ද සහභාගි විය.  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ඇති හෙලිකොප්ටර් යානා අතුරින් බහුතරයක් ඇමරිකානු බෙල් සමාගමේ  හෙලිකොප්ටර් යානා වේ.

1 comment:

  1. 'The majority of helicopters facing crashes in Sri Lanka are Bell Helicopters'.

    That's because almost all the helicopters in SLAF are Bell helicopters.So that's obvious!

    ReplyDelete