Monday, December 5, 2011

කාන්දුව කාගෙද කියල තාම දන්නෙ නෑ


lankahotnews.org
බ්ලූමැන්ඩල් මහවත්ත ප‍්‍රදේශයේ පසුගිය දිනවල සිදු වූ තෙල් කාන්දුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ මාර්ග වලින් වූ තෙල් කාන්දුවක් නොවන බව බව මේවන විට තහවුරු වී ඇතැයි ඛනිජ
තෙල් කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරයි.

ඊයේ දිනයේ පොලො‍ව හාරා ඒ පිළිබඳ තහවුරු කරන ලද බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තෙල් කාන්දුවන්නේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ මාර්ගයෙන්දැයි සොයා බැලීම සදහා විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් යොදවා අඩි 150ක් දිගින් හා අඩි 10 පමණ ගැඹුරින් යුක්ත වන සේ පොළොව හෑරීමට පියවර ගන්නා ලදී.

මෙම සොයාබැලීමට අනුව පසුගිය දිනවල වූ තෙල් කාන්දුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ මාර්ගවලින් නොවන බව සහතික ලෙස පැවසිය හැකි යැයි එම සමාගමේ වැඩ බලන සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා සදහන් කරයි.

මෙම තෙල් කාන්දුව කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ නළ මාර්ගයෙන් වන බව ඇතැම් පිරිස් කරුණු නොදැන කළ ප‍්‍රකාශ අසත්‍ය බව මින් තහවුරු වී ඇති බවත් නළ මාර්ගය පිහිටි පොළොව හාරන ලද කොටස තවමත් විවෘතව ඇති හෙයින් කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ නළ මාර්ගයෙන් තෙල් කාන්දුවන්නේද නැද්ද යන වග ජනමාධ්‍යයට අද(04) සහ හෙට (05)දැකබලා ගැනීමට අවස්ථාව ඇති බවත් ඒ මහතා ප‍්‍රකාශ කරයි.

වරායේ සිට කොළොන්නාවට එන විට දුම්රිය මාර්ගයේ දකුණු පස නළ මාර්ග ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත්වන අතර වම් පස නළ මාර්ග වරාය අධිකාරිය යටතේ තිබෙන ජේ.සී.ටී. ඔයිල් බෑන්ක් නම් පෞද්ගලික සමාගමට අයත් වේ.

තෙල් කාන්දුව වූයේ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට අයත් නළ මාර්ග පිහිටි දෙසින් නොවේ.

ජේ.සී.ටී. ඔයිල් බෑන්ක් සමාගමේ ඉංජිනේරුවරු හෙට(05) එම ස්ථානයට කැදවා ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමෙන් තෙල් කාන්දුවක් නොවන බව පෙන්වීමට කටයුතු යොදන බවත් එම තෙල් කාන්දුව සොයා බැලීමට ජේ.සී.ටී. ඔයිල් බෑන්ක් සමාගමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් වැඩ බලන සභාපතිවරයා සදහන් කරයි.

No comments:

Post a Comment