Sunday, December 4, 2011

තරුණ සමාජවාදීන්ගේ පාගමනට කල ප්‍රහාරය හෙලා දකිනවා – ලෝක ප්‍රජාතන්ත්‍රවාදි තරුණ සංගමය


 lankahotnews.org
තරුණයින්ගේ විරැකියා ප්‍රශ්නයට ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද අයවැයෙහි සහන නොමැති බව පවසමින් තරුණ සමාජවාදි සංගමය පැවැත්වූ පාගමනට අමානුෂික ලෙස පහරදීම ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය හෙලා දකියි. මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුලත් කර ඇත.  http://www.wfdy.org/

ලෝක ධනවාදයේ අර්බුදයට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ ලෝකවාසී ජනතාවට මිස ධනපති පංතියට නොවේ.
වර්තමානයේ ලෝකය පුරා ධනවාදී ආණ්ඩු විසින් ඉදිරිපත් කරන අයවැය ප්‍රකාශන දෙස අවධානය යොමු කිරීමේදී මේ බව වඩා තහවුරු වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් නොවැ. 21 දින ඉදිරිපත් කරන ලද 2012 අයවැයද එම තත්වයන් වඩා තහවුරු කරමින් තිබේ. එම අයවැය මගින් ලංකාවේ තරුණයින්ට සහ වැඩකරන ජනතාවට ප්‍රහාරයක් එල්ල කර තිබේ. ප්‍රධාන ප්‍රශ්නයක් වන තරුණයින්ගේ රැකියා ප්‍රශ්නය සම්පූර්ණයෙන් අමතක කර දමා තිබේ.
එම තත්වයන්ට විරෝධය පලකරමින් අප සංවිධානයේද සාමාජිකත්වය දරන සමාජවාදී තරුණ සංගමය විසින් මුදල් අමාත්‍යාංශය දක්වා ගිය විරෝධතා පාගමනට ශ්‍රී ලංකා පොලිසිය විසින් කෘර ලෙස පහරදී තිබෙන අතර ඉන් තරුණයින් 15 අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබේ. කෙසේ වෙතත් එම විරෝධතා ව්‍යාපාරය අති සාර්ථක වූ බවද අප සංවිධානයට වාර්තා වේ.
කෙසේ වෙතත් මෙය එක් උදාහරණයක් පමණක් වන අතර ලෝකය පුරා සියලූ රටවල ජනතා අරගල මර්ධනය කිරීම සඳහා ලෝක ධනවාදය නොයෙක් ක්‍රියාමාර්ග තෝරමින් සිටී. මේ අවස්ථාව අප සහෝදර සමාජවාදී තරුණ සංගමයේ අරගලය සඳහා සුභපැතීමට යොදා ගන්නා අතර ඔහුන්ගේ සියළු අරගලයන් හා එකපෙළට සිට ගන්නා බවද ප්‍රකාශ කර සිටිමු. මෙම සියළු අරගලයන් ලෝකවාසී ජනතාවගේ අයීතීන් වෙනුවෙන් සිදුකරන අතර සියළු මර්ධනයන් හමුවේ නොසැලී එම තත්වයන්ට මුහුණ දීමට අප සංවිධානය සූදානමින් සිටින බව ද වැඩිදුරටත් අවධාරණය කරමු.

No comments:

Post a Comment