Tuesday, December 13, 2011

ඇමෙරිකාව, රුසියානු වැසියන් උසිගන්වයි


lankahotnews.org
රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දුෂිත බව පවසමින් සහ අගමැති ව්ලැඩිමීර් පුටින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් (10) මොස්කව් නුවර ඇතුළු රුසියාවේ නගර රැසක දැවැන්ත විරෝධතා
පෙළපාළි පැවැත්විණි. විපක්ෂ කණ්ඩායම් සංවිධානය කළ එම විරෝධතා පෙළපාළිවලට පනස්දහසක් පමණ ජනයා සහභාගී වූ බව පොලිසිය පවසයි. අගමැති පුටින්ට එරෙහිව විපක්ෂ කණ්ඩායම්වලින් නැගුණු දැවැන්තම විරෝධතා රැල්ල මෙය යැයි රුසියානු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
අගමැති පුටින්, ජනපති දිමිති‍්‍ර මෙඞ්වදේව් ඇතුළු දොළොස් වසරක් පුරා රුසියාව පාලනය කරන එක්සත් රුසියා පක්ෂයේ සිටින්නේ හොරු රැලක් බවත් ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්විය යුතු බවත් පවසමින් විරෝධතාකරුවෝ හඬ නගන්න වූහ.
මීට සතියකට පෙර එනම් ඉකුත් දෙසැම්බර් 4 වැනිදා පැවැති රුසියා මහ මැතිවරණයෙන් සියයට 49.5ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගෙන ජයග‍්‍රහණය කළේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. එහිදී 450ක් වන සමස්ත ආසන ගණනින් ආසන 238ක් ලබා ගෙන ජයග‍්‍රහණය කළත් ඔවුන්ට බහුතර බලය හිමි නොවිණි. එම මැතිවරණය අක‍්‍රමිකතාවලින් පිරුණු එකක් යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද පවසා ඇත.
මෑතකාලීන රුසියන් ඉතිහාසයේ ප‍්‍රබලතම ජන උද්ඝෝෂණය ලෙස මෙය වාර්තා වේ. විරෝධතා පෙළපාළි මොස්කව් නුවරින් බැහැර පිහිටි සයිබීරියා සහ යූරල් ප‍්‍රදේශවලද පැවැත්වෙන බව රුසියන් මාධ්‍ය පවසයි.
ඡන්ද ප‍්‍රතිපලය අවලංගු කොට මහ මැතිවරණය යළි පැවැත්වීමට රජයට බල කරන්නැයි හිලරි ක්ලින්ටන් ද රුසියානු විපක්ෂ කණ්ඩායම්වලින් ඉල්ලීමක් කර තිබේ. මේ නිසා රුසියානු වැසියන් උසිගන්වන්නේ ඇමෙරිකාව යැයි අගමැති පුටින් ඇමෙරිකා රජයට දොස් පවරා ඇත.
රුසියාවේ පැවැත්වෙන විරෝධතාවලට සහාය දක්වමින් ඇමෙරිකාවේ වාසය කරන රුසියන් ජාතිකයින් ද විදීවලට බැස සිය විරෝධතාවය පළකළහ.
රුසියාවේ ජනාධිපතිවරණය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත අතර එහිදී පුටින්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුවනු
ඇති බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.මෙයට නායකත්වය දෙමින් සිටින්නේ යුක්රේන් නගරයේ femen නමැති දේශපාලන ව්‍යපාරය බවද සඳහන් වේ.
මේ කාන්තාවන්  නිරුවත් වී සිටින්නේ ද එයට විරෝධය පල කිරීමටය.




No comments:

Post a Comment