Tuesday, December 13, 2011

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවෘත කල නෙළුම් පොකුණ වෙබ් අඩවිය තවම අක්‍රීයයි


lankahotnews.org
රුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන්  ප්‍රධානය කැරුණු  නෙඵම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය  www.lotuspond.lk ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා
 අරලිය ගහ මන්දීරයේදී අද විවෘත කළේය. නමුත් මෙම වෙබ් අඩවිය තවම සක්‍රීය වී නොමැත.
මහල් හතකින් යුත් මේ රඟහල අංග සම්පූර්ණ නෘත්‍ය ශාලාවක්, එළිමහන් රංග ශාලාවක්, ප්‍රදර්ශන ශාලා දෙකක්, නාට්‍ය සඳහා පෙර සූදානම් වීමේ කාමර 13ක් ඇතුළු අති නවීන පහසුකම් සහිත ඉහළම තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය කරන ලද්දකි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව නිර්මාණය කැර ඇති මේ රඟහල ලෝකයේ ඇති අති නවීන රංග ශාලා අතළොස්සට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
මෙහි ඇති ප්‍රධාන රංග ශාලාව ආසන 1288කින් සමන්විත ය. රංග පීඨය කොටස් තුනකින් යුක්ත වන අතර ස්වයංක්‍රීයව ඉහළට හා පහළට ගමන් කරවිය හැකි කොටස් තුනකින් එය සමන්විතය. ඔපෙරා නෘත්‍ය ශාලාවක ස්වරූපය ගන්නා මෙහි මුළු විශාලත්වය වර්ග මීටර් 690කි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප‍්‍රාසාංගික රඟහලක්  ඕනෑම රටක සංකේතයක් බව පැවැසීය. එය රු. බිලියන 3ට වැඩි චීන රජයේ ප‍්‍රදානයක් ලෙස ශ‍්‍රී ලංකාව ලද තවත් චීන මිත‍්‍රත්වයේ සංකේතයක් බව ද ඒ මහතා කීය.

අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත චීන රජය මේ ප‍්‍රදානය ලබා දුන් බව ද කී ලේකම්තුමා ඒ සඳහා චීන රජයට කෘතඥතාවය පළ කරන බවත් විශේෂයෙන් මීට උනන්දුවෙන් කටයුතු කළ      ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිනිය ඇතුළු තානාපති කාර්යාලයට ස්තුතිය පිරිනමන බවත් පැවසීය.

රඟහල විවෘත කිරීමට සමගාමීව හෝර්ටන් වටරවුමේ සිට මහජන පුස්තකාල වටරවුම දක්වා කොටස ”නෙළුම් පොකුණ මාවත” ලෙස නම් කිරීම ද දෙසැම්බර් මස 15 වන දා උදේ සිදු කෙරෙන අතර, එම මාර්ගයේ පුස්තකාල වටරවුම සිට ලිබර්ටි වටරවුම දක්වා කොටස ”ආනන්ද කුමාරස්සාමි මාවත” ලෙස එලෙසින්ම පවතින බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

තවද, රඟහල අයත් චතුරශ‍්‍රය ”නෙළුම් පොකුණ චතුරශ‍්‍රය” ලෙස නම් කෙරෙන බවත් ජනාධිපති ලේකම්තුමා මෙහිදී පැවසීය. මේ අනුව මෙම කලාපය කලා ක්‍ෂේත‍්‍රය සඳහා සුවිශේෂී කලාපයක් ලෙස දියුණු කිරීමට හැකිවනු ඇතැයි ද ලලිත් වීරතුංග මහතා පැවසීය.

No comments:

Post a Comment