Saturday, December 10, 2011

නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා සහෝදරත්වයේ ජනතා පවුර


lankahotnews.org
එල්.ටී.ටී.ඊ නායකයන්ට ආණ්ඩුවේ ඇමතිකම් පවා ලබාදී තිබියදී එල්ටීටීඊ සැකකරුවන් යැයි කියමින් වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් පිළිබඳව නඩු අසා දඩුවම් නියම කරන්නේ ඔවුන්ට නොතේරෙන භාෂාවකින් බවත්
උතුර නැගෙනහිර ජනතාවගේ සිවිල් අයිතීන් පවා තවමත් ස්ථාපිත කර නොමැති බවත් සහෝදරවයේ ජනතා පවුර (PWC) සංවිධානය පවසයි. මෙම තත්වය තුළ උතුර නැගෙනහිර ජනතාව මූහුණ දෙන මූලික ගැටළු විසඳීමට ආණ්ඩුවට බලකරන බවද එම සංවිධානය වැඩිදුරටත් පවසයි.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිඛෙන අද (10) උදේ, සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය එළිදක්වමින් වවුනියාව නෙල්ලි හෝටලයේදී ජනමාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එහි සම කැඳවුම්කරුවෙකු වන ජවිපෙ පා.ම. සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව පැවසීය.

මෙම ජනමාධ්‍ය සාකච්ඡාවට එම සංවිධානයේ සම කැඳවුම්කරුවෙකු වන ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීරාමලංගම් චන්ද්‍රසේකර් මහතා ඇතුළු එම සංවිධානයේ කනකසබේ නඩරාජා, එස්.එම්.එස් විෙජ්රත්න, පිල්ලෙයාම්බලවානම් ශ්‍රී ජය චිත්‍රා, ආදම්බාවා සෙයියදු මොහොමඩ් බුහාරි, මොහමඩ් ජමීල් මොහොමඩ් රාවුෆ්, සින්නතුරෙයි රාෙජ්න්ද්‍රන්, වයි. ෙජ්. ඇලෝසියස්, යන මහත්ම මහත්මීන් මෙම ජනමාධ්‍ය හමුවට සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ රටේ අනෙකුත් ප්‍රදේශවලද බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී කි්‍රයා ආණ්ඩුව සිදුකරමින් සිටින අතර උතුර නැගෙනහිර පළාත් දෙකේ තත්වය යුද්ධය අවසන්වී වසර දෙකහමාරකට පසුවද අර්ධ මිලිටරි පාලනයක් ගෙන යමින් ජනතාව පීඩනයට පත්කරන බව ප්‍රකාශ කළේය. සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය මෙම තත්වයට එරෙහිව ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, සිවිල් පරිපාලනය යළි පිහිටුවීම කෙරෙහි පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටතදී හඩ නගන බව මෙන්ම මහ පාරේ අරගල කරන බව ද අවධාරණය කළේය. මේ වනවිට සියලූ සම්පත් අහිමි උතුරේ ජනතාවට ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතිවල රැකියා දීම පවා නොකර ගම්පහට වසන්තය ගෙනදීමට තරම් අසාධාරණ ලෙස කි්‍රයාකරන බව පෙන්වා දුන්නේය.

උතුර නැගෙනහිර ජනතාව මුහුණ පා සිටින ඇත්ත ප්‍රශ්න රටට හෙළිකරමින් නැවත යුද්ධයක් ඇති නොවීම සඳහා ඔවුන්ගේ ප්‍රශ්න විසඳීමට සැබෑ සහෝදරත්වයෙන් යුතුව සිංහල දෙමළ මුස්ලිම් ජනතාව එකට එක්වී අයිතිවාසිකම් දිනාගැනීමෙන් සහ සාධාරණව ප්‍රතිලාභ ඛෙදාගැනීමේ සමාජ ආර්ථීක කි්‍රයාවලියක් අත්‍යාවශ්‍ය වටපිටාවක තම සංවිධානය ඒ වෙනුවෙන් අඛණඩාව අරගල කරන බව ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළිකළේය. එම සංවිධානයේ අරමුණු පහත පලවේ.

1. පුද්ගල නිදහස යලි ස්ථාපිත කිරීමට කැපවීම.

2. දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.

3. අවතැන් පවුල් කඩිනමින් යලි පදිංචි කිරීම.

4.පළාත් දෙකේම හමුදා කඳවුරු ඉවත් කර සාමාන්‍ය ජන ජීවිතයට ඇති බාධා ඉවත්කිරීම.

5. අත් අඩංගුවේ සිටින දේශපාලන රැඳවියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක‍ෂාව වෙනුවෙන් පෙනීසිටීම හා  ඔවුන්ගේ නම් හෙලිකිරීමට ආණ්ඩුවට බලකිරීම.

6. එම පළාත්වල ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම.

7. එම පළාත්වල ජනතාවගේ ඉඩම් ආණ්ඩුව විසින් බලහත්කාරී ලෙස යොදාගැනීමට එරෙහිවීම හා ඔවුන්ගේ ඉඩම් අයිතිය සහතික කර දීමට පෙනී සිටීම.

8. අවතැන්වූවන්ගේ ඉඩම් අයිතිය නිරවුල් කර ඉක්මනින් යලි පදිංචිකරවීමට ආණ්ඩුවට බල කිරීම.

9. සෑම පුද්ගලයෙකුටම රැකියාවක් කිරීමට ඇති සමාන තත්වයන් වෙනුවෙන් පෙනී සිටීම.

10. අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා යළි යථා තත්වයට පත් කිරීම ආණ්ඩුවට බල කිරීමට.

11. තරුණ හා නොයෙකුත් කටයුතු කරන සිය`ඵ මාධ්‍යවේදීන්ගේ හා සමාජ ක්‍රියාකාරීන්ගේ දේශපාලන, සමාජ ක්‍රියාකාරීත්වයට ඇති බලපෑම්වලට එරෙහි වීම හා ඔවුන්ගේ මාධ්‍ය අයිතිවාසිකම් ආරක‍ෂාව වෙනුවෙන් පෙනී සිටීම.

12. යුද්ධයෙන් දෙමාපිය අහිමි දරුවන්ට හා වැන්දඹුවන් වූ පවුල් උදෙසා වන්දි ලබාදීමට හා ඔවුන්ගේ ආරක්ෂාව  රැකවරනයන් වෙනුවෙන් කටයුතු කටයුතු කිරීම.

13. යුද්ධයෙන් විනාශවූ පොදු ජනතාවගේ දේපල වලට වන්දි ලබාගැනීම වෙනුවෙන් මැදිහත්වීම.

No comments:

Post a Comment