Wednesday, November 23, 2011

ආණ්ඩුවේ අතුරු පාලක මණ්ඩලය EDCS (ගුරු ගෙදර) විනාශ කරයි



lankahotnews.org
ආණ්ඩුව බලෙන් පවරාගෙන අතුරු පාලක මණ්ඩලයක් යටතට පත්කළ අධ්‍යාපන සමූපකාර සමිතිය (ගුරු ගෙදර)නව අතුරු පාලක මණ්ඩලය හරහා පාලනය වීමට පටන්ගත් පසු දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් අධ්‍යාපන සමූපකාර සමිතියෙන් පසුගිය සැප්තැම්බර් මස තුල පමණක් සාමාජිකයින් 1450 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

තම සංගමය අධ්‍යාපන සමූපකාරය පාලනය කළ කාලය තුල සාමාන්‍යයෙන් මසකට අළුත් සාමාජිකයින් 500 ක් පමණ බැෙඳන බවත් මේ වන විට එය 300 දක්වා අඩු වී ඇති බවත් ඔහු තවදුරටත් පවසා සිටියේය.

ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ ගැන සඳහන් කළ මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත්

පවසා සිටියේ නව අතුරු පාලක මණ්ඩලය පත් කිරීමෙන් පසු පසුගිය මාස 6 ක පමණ කාලයක් තුල සමූපකාර සමිතියේ විශාල මුදල් වංචා සහ අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් නව සාමාජිකයින් බඳවා ගන්නා ප්‍රවර්ධන වැඩසටහන්වලය යයි කියමින් එම පාලක මණ්ඩලය පසුගිය මාස කිහිපය තුලදී රුපියල් ලක‍ෂ 25 කට අධික මුදලක් වැය කර ඇති බවයි.

"එච්චර මුදලක් වැය කළත් කිසිදු සාමාජිකයෙකු බඳවාගෙන නැහැ. අප සංගමය එම සමූපකාර සමිතිය පාලනය කරන විට සේවයට බඳවාගත් උපාධිධාරීන් ඉවත් කරල ඒ වෙනුවට සාමාන්‍ය පෙළ ගණිත විෂයට සම්මානවත් නැති ආණ්ඩු හිතවතුන් පත්කරල. මේ පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය ගැන එහි සාමාජිකයෝ දිනෙන් දිනම අප්‍රසාදය ඵලකරමින් ඉන්නව" යනුවෙන්ද එම මාධ්‍ය හමුවේදී තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

No comments:

Post a Comment