Wednesday, November 23, 2011

ගෝරි මැද ජනපති අයවැය කියවයි

Add caption

lankahotnews.org
2012 වසර සඳහා වූ අයවැය යෝජනා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජනාධිපතිවරයා අයවැය කථාව ආරම්භකර ටික වේලාවකින් පාර්ලිමේන්තු සභාගැබ තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.එජාප මන්ත්‍රීවරුන් විවධ විරෝධතා පාඨ කියමින් ඝෝෂා කිරීම ඊට හේතු විය. පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාව මධ්‍යට පිවිස විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කරමින් පහර දුන්නේය.


එහිදී තත්ත්වය පාලනය කිරීමට කථානායකවරයා දැඩි පරිශ්‍රමයක් දැරැවේය. කෙසේ වෙතත් පසුව එක්සත් ජාතික පක්ෂයේ සියලු  මන්ත්‍රීවරු සභාගැබෙන් පිටව ගියහ. නොසන්සුන් වාතාවරණය මධ්‍යයේ ජනාධිපතිවරයා සිය අයවැය කථාව අඛණ්ඩව පැවැත්වීය.

සිය අය වැය කථාවෙන් ජනාධිපතිවරයා  යෝජනා කළේ, රාජ්‍ය සේවකයින්ගේ හා ආරක්ෂක අංශවල මූලික වැටුප 10%කින් ඉහළ නංවන බවයි. ඒ අතර පෞද්ගලික ආ‍යෝජන සඳහා රජයේ ඉඩම් විකිණීම සම්පූර්ණයෙන්ම නතර කරන බව ජනාධිපතිවරයා අයවැය කථාවේදී  පැවසීය. බස් රථ ආනයනයේදී අය කරන වැට් බද්ද ඉවත් කිරීමට ද මෙවර අයවැයෙන් යෝජනා විය.
වාහන ලියාපදිංචි ගාස්තු සංශෝධනය කිරීම ද මෙවර අයවැයෙන් ගෙන එන යෝජනාවකි.
ඒ අතර අවුරුදු 70වට වැඩි වැඩිහිටියන්ට සහ සමෘද්ධි දීමනාව ඉහළ නංවන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා අයවැය සභාවට ඉදිරිපත් කරමින්, මියගිය රණවිරුවන්ගේ දෙමාපියන් සඳහා  රුපියල් 750ක, දීමනාවක් ලබා දීමට යෝජනා කළේය.

No comments:

Post a Comment