Wednesday, November 23, 2011

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතුයි


lankahotnews.org
රටේ අවිනීතියට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතු බව අනෝමා ෆොන්සේකා අවධාරණය කරයි. රටේ ඉහළම අධිකරණය විසින්
දුන් තීන්දුවට තමා ගරු කරන බව අවධාරණය කරන ඇය එම දඬුවම කලින් සිටම ලබා දෙන බව දැන සිටි බවද පවසයි. රටේ  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතු කාලය එළඹ ඇති බවද අනෝමා ෆොන්සේකා පවසයි.
මේ සම්බන්ධයෙන් කිසිවෙකුට ශාප කිරීමට තරම් තමා පහත් මට්ටමකට පත් නොවන බව ද ඇය පැවසුවාය. තම සැමියා වන සරත් ෆොන්සේකාගේ ‘සුදු කොඩි’ නඩුවට අදාලව ලබාදුන් තීන්දුවට එරෙහිව තමා ජාත්‍යන්තර අධිකරණයට යන බවද පවසන අනෝමා ෆොන්සේකා මහත්මිය එයට අදාල මූලික කටයුතු මේ දිනවල සකස් කරමින් පවතින බවද වැඩිදුරටත් සදහන් කළේය. මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරුණි.

No comments:

Post a Comment