Wednesday, November 23, 2011

සුදු කොඩි රැගෙන පැමිණි අයට වෙඩි තැබූබව ප්‍රකාශකල බව පිළිගන්නැයි සරත් ෆොන්සේකාට අධිකරණය කියයි


lankahotnews.org
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මහතාට කොළඹ මහාධිකරණය අද වසර තුනක සිර දඬුවමක් නියම කළේය.  ඒ සුදු කොඩි නඩුවට අදාළව ඔහු වැරදිකරුවිමෙනි.
මීට අමතරව රුපියල් 5,000 දඩයක් ගෙවන්නැයි, නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඩුවමකට ඔහු යටත් කෙරෙනු ඇති. මෙම දඬුවම නියම කෙරුණේ සුදු කොඩි නඩුවේ පළමු චෝදනාවට වරදකරුවීම හේතුවෙනි.

සුදු කොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට වෙඩි තබැන්නැයි, ආරක්ෂක ලේකම්වරයා එවක බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතාට උපදෙස් දුන් බවට සන්ඩේ ලීඩර් පුවත්පතට කළ බව පැවසෙන ප්‍රකාශය එම චෝදනාව විය. එම දඬුවම නියම කෙරුණේ ඔහුට එරෙහිව මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණු සුදුකොඩි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ චෝදනාවන්ට සරත් ෆොන්සේකා මහතා වරදකරු බව තීරණය කරමින්‍ මේ දඩුවම නියම කළේය.

දීපාලි විජේසුන්දර, ඩබ්ලිව්.එම්.ටි.බි.වරාවැව සහ ඒ.ඉසෙඩ් රසීන් යන මහාධිකරණ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව වසරක පමණ කාලයක් විභාග කෙරුණි. නමුත් ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ ඩබ්ලිව්.එම්.ටි.බි. වරාවැව මහතා මෙම තීරණය සමග එකඟ නොවුණි. 

නඩු විභාගය අවසන් වූයේ ඉකුත් මස 18 වැනිදායි. සුදුකොඩි රැගෙන පැමිණි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වෙඩි තැබු බවට ෆොන්සේකා මහතා සන්ඩේ ලීඩර් පුවත්පතට කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මහාධිකරණයේ අධි චෝදනා ගොනු කෙරුණි. 

No comments:

Post a Comment