Wednesday, November 16, 2011

ද්‍රවිඩ ජාතික සන්ධානයේ විදෙස් සංචාරයෙන් පසු රජය සමග නැවත සාකච්ජා


රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර මීළඟ වටයේ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විදේශගතව සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් අදාළ සාකච්ඡා පැවැත්වීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ මහතා සඳහන් කළේය. නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවත් සමඟ දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව දිර්ඝ
කාලයකින් පසුව සිදු කෙරෙන හෙයින් ඉතා වැදගත් බව රජිව් විජේසිංහ මහතා අවධාරණය කළේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානය පවසන්නේ පැවැත්වෙන සාකච්ඡාවලදී විශේෂ කරුණක් පිළිබඳ රජයේ අවධානය යොමු කරන බවයි. ඒ රජය පසුගිය දා ජාතික ගැටළුව සඳහා ඉදිරිපත් කළ දේශපාලන විසඳුම පිළිබඳවයි.

No comments:

Post a Comment