Wednesday, November 16, 2011

මාසයක් තුල බස් ගාස්තු වැඩි කරීමක්

ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසට පෞද්ගලික බස් හිමියන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාරය මත  බස් ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය. නමුත් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඇතිකරගත් ලිඛිත  එකගතාවකින් පසු වර්ජනය අතහැරීමට තීරණය කරන ලදි.‍‍‍‍‍‍‍‍‍‍ මේපිළිබද වැඩිදුර අදහස් දැක්වූ  පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු  විජේරත්න මහතා අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින්
කියාසිටියේ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රය සහ විවිධ ක්ෂේත්‍රවල පවතින දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත්බලපත්‍ර ලබාදීම ආදියේදී සිදුවන අක්‍රමිකතා ඇතුළු සියලුම දූෂණ හා අක්‍රමිකතා මේවන විට ලැයිස්තුගත කරමින් සිටින බවත්ය.
මාසයක් ඇතුළත බස් ගාස්තු වැඩි කිරීමට පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යවරයා අනුමැතිය ලබා දුන් නමුත් ඒ සදහා වූ ක්‍රියාවලිය ගැන තමන් කණගාටුවන බවත් රජය ජනතාව ගැන කිසිදු තැකීමක් සිදු නොකරන බව මෙයින් හෙලි වන බව පවසන සභාපතිවරයා 2005 ජනාධිපතිවරණයේ දුන් පොරොන්දුවත් ජනපති ඇතුළු රජය ඉටු කර නොමැති බවද අවධාරණය කලේය.

No comments:

Post a Comment