Wednesday, November 9, 2011

බාල පෙට්‍රල් පාවිච්චිය හරහා අලාභ සිදුවීමේ අවදානමක්

 
පසුගිය සමයේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත් කළ බාල පෙට්‍රල් යළිත් වෙළඳපළට නිකුත් වීමේ අවදානමක් ඇතැයි, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි. ගෙන් වු බාල පෙට්‍රල්වලින් ඉතිරිවී ඇති මෙට්‍රික් ටොන් 2,600 අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි. "දැන් මේ ටෙන්ඩරය අදින් අවසන් වෙනවා. මේ ටෙන්ඩරයේ කොහෙවත් සඳහන් කරලා නැහැ. මේවා කොහෙවත් කුමන කටයුත්තක් සඳහා ද මේ පෙට්‍රල් පාවිච්චි කළ යුත්තේ කියන එක සඳහන් කරලා නැහැ. 
 
කිසිම පිරවුම්හලකට මේ බාල පෙට්‍රල් නිකුත් කළ නොහැකියි කියලා වගන්තියක් මේ ටෙන්ඩරයේ සඳහන් කරලා නැහැ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා. මේ පෙට්‍රල් තොගය අලෙවි කිරීමෙන් පසුව කිසිම වගකීමක් ඛනිජතෙල් සංස්ථාව භාරගන්නේ නැති බව පාරිභෝගිකයින්ගේ වාහනවලට යළි මේ බාල පෙට්‍රල් පාවිච්චිය හරහා අලාභ සිදුවීමේ අවදානමක් මේ ටෙන්ඩර් කැඳවීම හරහා අපි දකිනවා" යනුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment