Saturday, November 5, 2011

අපරක්නා උරුමය දේශන 50 අතේ රෝලක්

ජවිපෙ කට්ටිවාදීන් නොවැම්බර්13 ගොඩනැංවීමට නියමිත පක්ෂයේ එලිදැක්වීමට කලින් දේශණ 50ක් පවත්වන බවට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදී තිබුණි. එය පට්ටපල් බොරුවක් බවත් පංතිය රැවටීක් බවත් ඒ පිලිබදව කලකිරුණු සාමාජිකයකු අප හා පැවසුවේය.සමහර දේශණ සදහා ස්ථාන නම් කිරීමේදී එවැනි නමින් දේශණශාලා මේවනවිටත් ඉදිනොවී තිබුණ අතර සමහර දේශණසදහා කථිකයන් හා සංවිධායකයින් පමණක් සිටි අතර ඒවා හොර රහසේම නතරකර දමන ලදි. සමහර විට දිස්ත්‍රික්ක කිහිපයකින් පිරිස පැමිණීමට නියමිතව තිබුණද සහභාගී වූයේ ගෘහස්ථ සාකච්ජාවක පිරිසකි. වාහන ගමන්කල හැකි තදාසන්න ප්‍රදේශයන් පමණක් මෙම දේශණ සීමාවී ඇති අතර මාධ්‍ය ඉලක්කකොට ගත් ප්‍රලාපයක් බවට මෙම දේශණ පත්වී ඇත.

මෙම දේශණ වල ප්‍රධාන තේමාව රෝහණ විජේවීරයන් නමුත් රෝහණ විජේවීරයන්ගේ කැපවීම හා පැරණි වමට එරෙහි අරගලය පමණක් මතු කරන අතර රොහණ විජේවීරයන් ජාතික ගැටළුවට ඉදිරිපත්කල විසදුම් හා ලාංකීය සමාජවිප්ලවයේ ගමන්මග එහි කිසිදු කථිකාවතක් නොමැත. මෙසේ රෝහණ විජේවීරයන්ගේ දැක්ම විකෘති කරමින් නමුත් එහි ප්‍රතිරූපය හරහා යම් බලයක් ගොඩනගා ගැනීමට  තැත් කරන මෙම දේශණ බොහොමයක් දැනටමත් අවලංගු කොට ඇති අතර නොවැම්බර් 13 සමුළුවද අවලංගුකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය පැවැත්වීමේ නොහැකියාවද ජවිපෙ මතම පැටවීමේ කුමන්ත්‍රණයක්ද ‍පවතියි. කෙසේ නමුදු මාධ්‍ය සංදර්ශණයක් වන මෙම හමුව එදින මාධ්‍ය සාකච්ජාවක්වීම වැලැක්වීමට කට්ටිවාදී සංවිධායකයෝ උත්සාහ ගන්නවා ඇත.

No comments:

Post a Comment