Wednesday, November 9, 2011

ඩීසල් මිල රුපියල් 8 කින් ඉහළ දැමීම කුමන්ත‍්‍රණයක්

ඉන්ධන මිල වැඩි කිරිම‍ට එරෙහිව ලබන 15වෙනිදා පිටකොටුවේදි උද්ඝෝෂණයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ ඩීසල් මිල රුපියල් 8කින් වැඩි කිරිම අසාධාරණ තීරණයක් බවය.එම නිසා පිට පළාත් බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමයේ ලේකම් අංජන ප‍්‍රියන්ජිත් සඳහන් කළේ, බස් ගාස්තු වැඩි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා මේ මස 15 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. එය පිටකොටුව -  ගුණසිංහපුර බස් නැවතුම්පොළේදී පැවැත්වෙන බවත්, අනතුරුව දිවයින පුරාම උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, ජාතික ප‍්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනයකට යා නොහැකි වන පරිදි ඩීසල් මිල රුපියල් 8 කින් ඉහළ දැමීම කුමන්ත‍්‍රණයක් බවයි. එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පවසන්නේ රජයට සහ ජනතාවට දැනෙන අයුරින් එම උද්ඝෝෂණය සංවිධානය කරන බවය.

1 comment: