Sunday, December 2, 2012

ඊජිප්තු විප්ලවය සැබෑ විප්ලවයක් නොවේ


මුස්ලිම් මූලධර්ම වාදීන් උදම් ඇනූ සැබෑ ඊජිප්තු විප්ලවය බොද වෙමින් පවතී. කයිරෝවේ ටරීර් නගර චතුරස‍්‍රයේ ඇති අළුත්ම උද්ඝෝෂණ නව විප්ලවයක ආරම්භයක් නොව වසර දෙකකට කලින් පැවති ඒවාම බව බ්ලෝග් රචකයෙකු වූ වොයෙල් ස්කැන්ඩර් රොයිටර් වෙත කියා ඇත. ජනපති මෝර්සිගේ බලතල ඊජිප්තුව නැවතත් මුබාරක් යුගය කරා ගෙන යන බව බව ඔහු කියයි. රොයිටර් සමඟ පැවති සාකච්ඡාවක දී ඔහු පහත අදහස් දක්වා ඇත.
මුබාරක් ගේ පාලනය සහ නව නායක මෝර්සිගේ පාලන අතර එතරම් වෙනසක් නැත. එම ආරථික ප‍්‍රතිපත්ති සහ මිනිසුන්ට අවශ්‍ය දේවල්
ගැන ඇහුම්කන් නොදීමේ ලක්ෂණ එසේම පවතී. බලය බෙදීමට මෝර්සි පොරොන්දු වුවත් එසේ නොවන බවද ඔහු කියා සිටියේය. බලය බෙදීමට මෝර්සි පොරොන්දු වුවත් නව ව්‍යවස්ථාව ලිවීමේදී ඊජිප්තු වැසියන්ට සහභාගි වීමට නොදීමෙන් ඒ බව ඔප්පු වෙයි. පොලීසියේ සැහැසි ක‍්‍රියා වලට එරෙහිව මිනිසුන් උද්ඝෝෂණ කරත්දීත් මෝර්සි පොලීසියේ අපරාධ සම්බන්ධයෙන් නීතිය හමුවට ගෙන නොඑන බව පොරොන්දු වී ඇත.
යුරෝපා සංගමය මෝර්සි ආඥාදායක වුවොත් ආධාර කපා හරින බව පවසා ඇත. මෙවැනි බාහිර බලපෑම් උද්ඝෝෂකයන්ට පිටුවහලක් වුවත් මෝර්සිට පක්ෂපාතී ඇමරිකාව ඒ පිලිබඳව නිසි අදහසක් පල නොකරන බවද ඔහු කියා සිටියේය. පැවතුනාටත් වඩා දැන් තත්වය නරක අතට හැරී ඇත.
ආරක්ෂාව ඉතාම පහල මට්ටමක ඇති අතර පොලීසිය දේශපාලනීකරණය වී ඇත. ආර්ථික ප‍්‍රතිපත්ති හා මිනිසුන්ට ඇහුම්කන් නොදීම ආදිය එසේම ඇති අතර ඊජිප්තු වැසියන්ගේ තත්වය ඉතා බරපතල තත්වයකට වැටී ඇති බවටද වොයෙල් ස්කැන්ඩර් පවසයි.
 එකවර සියල්ල වෙනස් කල නොහැකි නිසා වෙනසක් වන තෙක් ඉවසා සිටිය යුතු නොවේදැයි රොයිටර් ඇසූ විට ඔහු කියා සිටියේ හොඳක් වන බව පෙනේ නම් එසේ සිටිය හැකි බවයි.

4 comments:

  1. When people understand, it's too late and helpless.
    When this revolution start, I knew its not true people's uprising.
    Same in other Arabic uprising.

    ReplyDelete
  2. When people understand, it's too late and helpless.
    When this revolution start, I knew its not true people's uprising.
    Same in other Arabic uprising.

    ReplyDelete
  3. ඇමෙරිකන් කාරයෝ මොන විදිහකින් කියුවත් මුස්ලිම් ආණ්ඩු පෙරලෙනවා, නැගිටිනවා එකෙන් වෙන්නේ ඒ රට අස්ථාවර වෙන එකයි. අවුරුද්දෙන් අවුරුද්ද රටවල් පෙරලෙන කොට වෙන දේ හිතාගන්න පුලුවන්ද?. ඊජිප්තු ජනතාවට කොකා පෙන්නලා අන්තිමේ ඒ රට සෝමාලියවට වඩා බිමට වැටෙනවා. බලන්න ලිබියාවට වෙච්ච දේ. දැන් හැමතැනම අයුධ. ලංකාවට එහෙම දේවල් කරන්න හැදුවට ලංකාවේ මිනිස්සු බුද්ධිමත්. උන් ඔය අනුන් කියන පදේට නටන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. Maxxa you are right.what I didn't give in details,
      You mention in your comment. Thanks

      Delete