Thursday, July 5, 2012

පූජ්‍ය පක්ෂයසතු දේශපාලනය කිරීමේ අයිතිය ආරක්ෂා කල යුතුයි - ජවිපෙ කියයි


විජේදාස රාජපක්ෂ මහතා පූජ්‍ය පක්ෂයට පාර්ලිම්නතුව තහනම් කරන යෝජනාව සම්බන්ධයෙන් ජවිපෙ අදහස ප්‍රකාශයට පත්ව තිබේ. පාර්ලිමේන්තුවට පැමිනීමට ඉඩ අහැරිය යුතු පිරිස් බොහොමයක් සිටින නිසාත් හාමුදුරුවන්ට ජන්දය දෙන්නේ ජනතාව නිසාත් පැලැස්ථර විසදුම් වලින් තොරව සමස්ථ සමාජ පරිවර්ථනයක අවශ්‍යතාවය මතු කරමින් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සති අන්ත පුවත් පතකට දැක්වූ අදහස. රටේ සියල්ල තීරණය වන්නේ දේශපාලනය මතයි. දේශපාලනයෙන් තොර කිසිවක් නෑ. පූජ්‍ය පක්ෂයටද රටේ පොදු වගකීමක් තියෙනවා. ඔවුන් නිහඩව අකර්මන්‍යව
සිටීම අප අනුමත කරන්නේ නැහැ. ඒ නිසා පූජ්‍ය පක්ෂය සතු දේශපාලනය කිරීමේ අයිතිය ආරක්ෂා කල යුතුයි. එයට නීති පැනවීම සාධාරණ නැත.
මෙම ප්‍රශ්ණය ආවේ හෙළ උරුමයේ හාමුදුරුවරු පාර්ලිමේන්තුවට පැමිණීමත් සමග. ඒ සමග සිදුවුන සිදුවීම් වලින් හාමුදුරුවන්ට මේ සමාජයේ තිබුණු පිළිගැනීම ගෞරවය නැතිවුනා. හාමුදුරුවරු වෙනත් කවර හෝ පූජ්‍ය පක්ෂයේ කෙනෙක් පාර්ලිමේන්තුවට එන එක තීරණය කළ යුත්තේ ඒ අදාල ආගමික සංස්ථාව විසින්. ඒ සදහා පොදු රීති සෑදියයුතු වෙනවා. ඒ වගේම උන්වහන්සේලාට ජන්දය දෙන්නේ රටේ ජනතාව නිසා ඒ පිළිබදවත් පුළුල් කථාවක් ඇති විය යුතුයි. එහෙම නැතිව නීති මගින් පාලනය කිරීම ප්‍රශ්ණයට යොදන පැලැස්ථරයක් විතරයි.

අද පාර්ලිමෙන්තුව දිහා බැලුවහම තව ගොඩක් ඒ ජාතියේ පනත් ‍ගේන්න වෙනවා. කුඩු කාරයෝ, පාතාල නායකයෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට එන එක නවත්වන්න අලුත් පනත් ගේන්න වෙනවා. ඒක්‍නේ පැහැදිලියි ඒ ජාතියේ පැලැස්ථර වලින් මේ පොදු පිරිහීමට උත්තර හොයන්න බෑ කියලා. ඒකට සමස්ථ සමාජ පරිවර්ථනයක් අවශ්‍යයි.

3 comments:

  1. හාමුදුරුවන්වයි කුඩු කාරයින්වයි සමාන කරන්න එපා

    ReplyDelete
  2. හෙළ උරුමය තමා වැනසුන ධර්මය ගොඩ ගත්තේ

    ReplyDelete
  3. හෙළ කරුමය තමා භික්ෂුවගේ ගෞරවය කෙලසුවේ

    ReplyDelete