Thursday, July 5, 2012

උසස් පෙළ විභාගය නිසා ඡන්ද ප්‍රචාරක කටයුතු වලට ඉඩ අහුරන්න මහින්ද උපදෙස්


විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ ඉල්ලීම අනුව මෙම කාලසීමාවේදී  උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් ඊට බාධා වීම වැළැක්වීම සඳහා ඡන්ද ප්‍රචාරක කටයුතු සීමා කිරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම හා  විභාග මධ්‍යස්ථාන අසල පස්වරු 4.30 දක්වා රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් වේ.


කෙසේ වුවද මේ පිළිබඳ අවසන් තීරණය ලබන 06 වැනි දා පක්ෂ  නියෝජිතයන් සහා සියලු අංශයන් නියෝජනය කරන නිලධාරින් සමඟ සිදුකෙරෙන රැස්වීමේ දී ගැනීමට තීරණය කොට ඇති බව ද කොමසාරිස්වරයා පැවසීය.

2 comments:

  1. පට්ට පල් බොරු මුන්ට කොහෙද එහෙම කැක්කුමක්

    ReplyDelete
  2. කාටද මේවා කියන්නේ

    ReplyDelete