Thursday, July 5, 2012

ලංගම දියුණු කරන්න බැරි බස් මදි නිසා


උපරිම ලෙස යහපත් ප්‍රවාහන සේවාවක් ලබාදීමට කටයුතු කරන බවත් ලංගමය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ ලබාගත යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පැවසීය.
ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 04 පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
 

නව බස්රථ ලබාදීමේ දී 50%ක හෝ සහනදායී ක්‍රමයක් ය‍ටතේ ලංගමයට බස්රථ ලබා දෙන්නේ නම් ඉතුරු මුදල් උපයා ගෙවීමට
හැකි වන බව ද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
 

අබලන් තත්ත්වයේ පවතින බස්රථ ධාවනයේ යෙදවීම තුළින් ජනතාවට යහපත් සේවාවක් ලබාදීමට නොහැකි තත්ත්වයක් ඇති වන බවත් එම බස්රථ නඩත්තුවට ද විශාල මුදලක් වැය වන බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
 

කෙටිදුර ධාවනය වන බස්රථවලින් ලාභ නොලබන අතර දැනට ආදායම් ලබන්නේ දුර ගමන් සේවා සඳහා යොදා තිබෙන නව බස් රථවලින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
රටේ ජනගහනය හා වාහන අතර සම්බන්ධය ගැනීමේදී ලක්සම්බර්ග් හා මෙනකෝ වල මිනිසුන් 1000කින් 900කට පමණ වාහනයක් තිබේ. තවද යුරෝපීය රටවල් මෙහි ප්‍රමුඛ ස්ථානය ගනිමින් සිටින අතර ඇමෙරිකාවේ මෙම අගය 808කි. බංගලිදේශය නේපාලයේදී මෙම අගය දශම ගනනකි. එය ශ්‍රී ලංකාවේදී 78ක් පමණ වන අතර අපට වැඩිපුරම වාහන අපනයනය කරන ඉන්දියාවේ එම අගය 15ක් පමණ වේ. නමුත් ලංකාව සැබෑලෙසම සංවර්ධිත ඉලක්කයකට යන්නේනම් දැනට පවතින මහා මාර්ග පද්ධතිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර යෝජිත ඉදිකරමින් පවතින මහාමාර්ග පද්ධතියටදද මෙම ඉලක්ක සම්පූර්ණ කල නොහැකිය.

2 comments:

  1. ඔව් බස් එකකින් කොමිස් එක කීයද? පවුල් කීයක් නඩත්තු කරන්න පුළුවන්ද?

    ReplyDelete
  2. තියෙන බස් වලින් වැඩ ගත්තද

    ReplyDelete