කොළඹට ගෙනයනු ලැබූ එල් ටී ටී ඊ සැකකරුවකු ආපසු ගෙන එන ලෙස බල කරමින් වවුනියාව සිරගෙදර සිරකරුවන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ බන්ධනාගාර නිලධාරීන් තිදෙනකු මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව සෙනසුරාදා ප්‍රහාරයක් දියත් කොට මහර බන්ධනාගාරයට ගෙන එනු ලැබූ සිරකරුවන් 31 දෙනකු අතුරින් එක් අයෙක් වන ගනේෂ් නිමලරූබන් මිය ගියේය. සැකපිට අත්තඩංගුවට පත්වී පහරකෑමට ලක්වී මියගොස් සිටි වවුනියාවෙහි නිමල රූපන්ගේ දෙපා බිදී කොන්ද කැඩී තිබුණු අතර මේවා කකුල් ඉරා කොන්ද කඩා දමා ඇති බවට විදෙස් පුවත් වාර්ථාකොට තිබුනි.
ගනේෂ්ගේ අවසන් කටයුතු සදහා වවුනියාවට මල සිරුර ගෙනයෑම
අධිකරණය වැලැක්වූ අතර මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් නොසතුට පළ කළ ගනේෂ්ගේ පියා හා මව තම පුත්‍රයාගේ අවසන් කටයුතු සිදු
කළ යුතු පිළිවෙත පිළිබඳව අධිකරණය
දුන් තීරණය ප්‍රතික්ෂේප කොට ඇත.
මෙම ප්‍රහාරයෙන් පසු වවුනියානු බන්ධනාගාරයතුලට
ඇතුල්වූ 15 - 23 ක් පමණවූ
ආරක්ෂක නිළධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරය නිසා සිහි නැතිව සිටි සිරකරුවන්ට දැඩි ලෙස
පහරදී තිබේ. වවුනියාවේ සිට පස්වරු 1.00ට
පමණ වාහනවල පටවා අනුරාධපුරයට ගෙන ගොස් රාත්‍රී 11.00 තෙක් එකදිගටම පහරදී තිබේ.
එහි
බීමතින් සිටි
බන්ධනාගාර ආරක්ෂකයන් හා පොලීසියද බන්ධනාගාර සුප්රින්ටන්ගේ සපත්තු ලෙවකන්නයි පවසා පහරදී තිබේ.
සියළු දෙනාගේම දෙපා වැටී සපත්තු ලෙවකන ලෙසත් වැද වැටෙන සිරකරුවන්ට පහරදී ඇතයි වාර්තාවේ.
ඉන්
අනතුරව ක්‍රිමිනල්
අපරාධකරුවන්ව ගෙන්වා දේශපාලනික සිරකරුවන්ගේ මුහුණට කෙල ගසන ලෙසත් ඔවුන්ට පහරදෙන ලෙසත් පවසා තිබේ. සියළු
සිරකරුවන්ටම දෙපා දිගුකරන්නයි
පවසා දණහිසෙන් පහළ දැඩි ලෙස පහරදීමෙන් සිරකරුවන් සියළු දෙනාගෙම මෙන් දෙපාවලට බිදුම් ඇතිව තිබෙන අතර අභ්‍යන්තර
තුවාලද ඇතිව තිබේ.
තවත්
දෙමළ සිරකරුවකුගේ
පිටයෙහි රවුමකට ලොකු තුවාලයක් ඇතිවී තිබේ. මෙයට හේතුව පිස්ටලයකින් ඔහුට වෙඩිතබා ඇතයිද පැවසේ. සියළු සිරකරුවකුගේම
කොඳුනාරටිය බිඳී තිබේ. සියළු දෙනාගේම ඇඳුම්
අනුරාධපුරයෙහි තබා ඇති අතර වෙනත් ඇඳුම්
නොමැතිව දින
තුනක් තිස්සේ ලේ පැල්ලම් සහිත ඇඳුමින් රඳවා තිබේ.
අනුරාධපුරයෙහි
සිටින තවත්
සිරකර ැවකුගේ හිසට දැඩි ලෙස පහරදීමෙන් ඔහු කෝමා තත්වයට පත්වී තිබේ. ඔහුගේ ජීවිතය බේරාගැනීමද අසීර
ැවි ඇතයි අනුරාධපුරයෙන් අපට ලැබුණු
තොරතුරැවල
වාර්තාවේ. රාගම රෝහලට ඇතුලත් කරතිබෙන සිරකර ැවන් සිව්දෙනාගෙන් එක් අයකු කෝමා තත්වයට පත්වී තිබේ.
මෙම
විරෝධතාවයට
මූලිකත්වය ගෙන ක්රියාකළයි හඳුනාගත් සිරකරුවන් තිදෙනෙකුව බෝගම්බර බන්ධනාගාරයට
ගෙනගොස් දැඩි වදහිංසාවලට පමුණුවන බවද තොරතුරු පවතී.
සිරකරුවන්ගේ ශරීරයෙහි චේන්, කසවලින් පහරදීමෙන් ඇතිවූ තුවාලද දැක්නට ඇතයි වාර්තාවේ. මෙවැනි තත්වයක යළි අපව
අනුරාධපුරයට නොයවන ලෙසත් මැගසින්
බන්ධනාගාරයේදීම
මියයන බවත් සිරකරුවන් වැලපෙමින් සිටිති. වවුනියාවෙහි සිට වාහනවල රැගෙනයන විට සියළු දෙනාවම ගහලම මරාදමන බවට ආරක්ෂක
නිළධාරීන් තර්ජනය කර තිබේ.
මෙම
නිසා තම
ජීවිතය බේරාදෙන ලෙසත් නැතිනම් මැගසින් බන්ධනාගාරයේදීම මරාදමන ලෙස සිරකරුවන් ඉල්ලා තිබේ. දැඩි අසාද්‍ය
තත්වයේ සිටින එම සිරකරුවන්ට අවශ්‍ය
වෛද්‍ය ප්‍රතිකාර
කඩිනමින් ලබා නොදුන්නේනම් අනෙකුත් සිරකරුවන්ද මියයා හැකි බවටයි ආරංචිමාර්ග සදහන් කරන්නේ.
කොහොමද මේවා දැනගත්තේ
ReplyDeleteමේවා ලංකාවේ වෙන ඒවා නෙවේ
ReplyDeleteජාතිවාදය අවුස්සනවාද?
ReplyDelete