පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර අර්බුධ ගනනාවක් විසින් එහි සාමාජිකයන් විශාල ප්‍රමාණයක් පක්ෂය හැර ගිය අතර තවත් විශාල ප්‍රමාණයක් දේශපාලන කටයුතු වලින් ඈත්ව රැකියාවලට ගොස් ඇත. පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැරගිය නවතම සාමාජිකයන් වන්නේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් වෙනුර හේරත් මහතා සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් එරාජ් ක්‍රිෂාන්ත අල්විස් මහතායි.
වෙනුර හේරත් යනු කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා එහි
පංති තහනමකට ලක්වීමත් සමගම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනය තෝරගත් පුද්ගලයෙකි. ලංකා
පුවත්පතේ අයිතිකරු වශයෙන්ද පෙනී සිටි අතර ජවිපෙ කට්ටිවාදය තුල මහත් උණන්දුවකින්
දේශපාලනයේ නිරත විය. පැලවත්ත මංකොල්ලයේදී විශාල කර්ය භාරයක් කල අතර එහිදී
දැක්වූ මනා හැකියාවන් ඉදිරියේම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ධූරයෙන් පිදුම් ලැබුවා.
ඔහුගේ නායකත්වය තුල පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රජාතන්ත්රවාදය පිළිබද කරුණු
ගනනාවක් මතු කලා. පීඩිත ජනයා අදේශපාලනීකරනය කිරීම ඉලක්කකොට ගත් ධනපති වැඩපිළිවෙල
පරාජය කරමින් නිර්ධන පංති දේශපාලනයට සමාජය හුරු කිරීමේදී ගොඩනැගෙන නිර්ධන පංතියේ
පක්ෂයේ සංවිධාන ප්‍රතිපත්ති ජනතාව අතරට යෑම බාදාවක්
කරයි නම් එහි අපරාධයක් සිදුවන බවයි වෙනුර හේරත් මහතාගේ මතය වන්නේ. පක්ෂය දේශපාලනය
පහසු කරනවා වෙනුවට සමාජිකයා වට්ටෝරුවක හිර කිරීම නිර්ධන පංති දේශපාලනයට නොගැලපෙන
බවත් ඔහු ප්‍රකාශ කරයි.
නමුත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙක් සදහන් කළේ
වෙනුරට තිබූ මූලිකම ප්‍රශ්ණය සංවිධාන ක්‍රියාවලිය වටහා ගැනීමේ දුර්වලතාවය බවයි. ඔහු
දේශපාලනයතුල අධිකාරීත්වයක් ගොඩනගා ගත්තායැයි සිතුවද කෑගල්ල දිස්ත්‍රික්කයේදී
හැකියාවේ සහ කළමණාකරනයේ දුර්වල කම මතු වීමත් ඒ නිසාම ඔහු ගොඩනගාගෙනැයි සිතුන දේශපාලන
අධිකාරීත්වයේ ගිලිහීම මෙම හැර යාමට හේතුව බව වැඩි දුරටත් සදහන් කළේය. මේ පිළිබදව
චමීර කොස්වත්ත මහතාද මීට සමාන අදහසක් ප්‍රකාශකොට තිබුණි.
එරාජ් ක්‍රිෂාන්ත අල්විස් යනු ජවිපෙ හිටපු පලාත් සභා
මන්ත්‍රී වරයෙක් වන අතර පුද්ගලික ගැටළු නිසා ජවිපෙ දේශපාලනය කිහිපවරකදීම අත්හල
පුද්ගලයෙකි. දේශපාලන ක්‍රියාකාරීත්වය ඇබ්බැහියක්ව සිටි නිසාම ජවිපෙ කල්ලිවාදය ඇරඹී
මෙහොතේම ඊට සම්බන්ධ වි ඇත. ජන අරගල ව්‍යාපාරය ගොඩනැගීමේදී ගම්පහ දිස්ත්‍රික්කයේ
වැදගත් වැඩකොටසක් ඉටුකල එරාජ් මහතා ජවිපෙ බලය මාස 06න් නොගතහොත් ඔළුවෙන් හිට ගන්නා
බව ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් සාමාජිකයන්ට ප්‍රකාශකොට තිබේ. අවසානයේ පෙරටුගාමී
සමාජවාදී පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළේය. මේ වන විට පෙරටුගාමී
සමාජවාදී පක්ෂයේ දේශපාලනය අතහැර ගොස් සිටින්නේ ඉතාලියේ මිලානෝ නුවරයි.
ඔහුගේ පක්ෂ හැරයෑම සම්බන්ධයෙන් පෙසප සාමාජිකයෙක් වරුණ
රාජපක්ෂ මහතා දැක්වූ අදහසක් උපුටමින් සදහන් කළේ එරාජ් පෙරටුගාමී වැඩපිළිවෙලට
නොගැලපෙන බවත් LTTE සම්බන්ධයෙන් දක්වන පසුගාමී අදහසත් දෙමළ ජාතික අරගලය ප්‍රතික්ෂේප
කිරීමත් මීට හේතුව බවයි. මෙවැනි න්‍යායික ගැටළු ඉදිරියේදීද පැන නැගිය හැකි වුවත් තම පක්ෂය ඒ දෙස
සාධනීයව බලන නිසා කිසිදු ගැටළුවක් නොමැති බවත් ජගත් නිර්ධන පංති විප්ලවය සදහා
අරගලයට මිලානෝ නුවර සිටත් සහාය දැක්විය හැකි බවයි.
මුන් හැමදාම එකා දෙන්නා අඩු වෙනවනේ
ReplyDeleteLTTE සම්බන්ධ පසුගාමී යන්න පැහැදිලි මදි............
ReplyDeleteදුෂ්කර තාවයක් දරාගන්න බෑ....... මොනවද ඉතින් පුළුවන්
ReplyDeleteමං පොර වාදීන්ට වෙන දේ
ReplyDeleteපීඩිත ජනයා අදේශපාලනීකරනය වී ඇත්නම් එහි වගකීම පුද්ගලික ප්‍රශ්ණයක් නොවේ ඊට ප්‍රතිපත්ති බාධාවක් නම් ඊට ගැලපෙන ප්‍රතිපත්ති සැකසිය යුතුයි. ඒ සදහා අරගල කල යුතුයි. එහෙම අරගලයක් නොකර හිද පක්ෂය හැර යෑම දේශපාලනය කිරීමේ නොහැකියාව හැර වෙන මොකද්ද? ජවිපෙ තුල සිටි මෙවැනි පසුගාමී මිනිසුන් එළියට ගෙන සැබෑ තත්වය හෙළි කරීම පෙරටුගාමීන් වමට කල ලොකුම සේවයයි.
ReplyDelete