Friday, March 9, 2012

මහමෝදර රෝහලේ බිළිදු මරණ සිදුවීම වාර්ථා පොත් වලට එක් වීමක් විතරයි

 lankahotnews.org
මහමෝදර රෝහලේ බිළිදු මරණ සිදුවීම වාර්ථා පොත් වලට එක් වෙමින් තිබෙන අතර මහ මෝදර රෝහල තුල රට නොදන්න රුපියල් කෝටි 300කට අධික මූල්‍ය වංචා සිදුවී ඇති බවට තොරතුරු ඇති බව පවසන්නේ
මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් පවත්වන ලද මෙම මාධ්‍ය හමුවේදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතායි.


නිදහස් සෞඛ්‍ය සේවාව දිනෙන් දින අහිමි වන තත්වයකට අදාල සිදුවීම් දිනපතා වාර්ථා වෙමින් තිබෙන බවත් දිගු කලක සිට මේ තත්වය උදාවන බව තම සංවිධානයත්, වෙනත් සංවිධාන හා කණ්ඩායම්ද පෙන්වා දුන් බවද එහෙත් ඒ සියළු චෝදනා සෞඛ්‍ය බලධාරීන් ප‍්‍රමුඛ ආණ්ඩුව ප‍්‍රතික්ක්‍ෂේප කළ අතර ඔවුන් එම චෝදනා වසා ගැනීම සදහා සිදුකරමින් සිටිනුයේ ව්‍යාජ ඖෂධ ප‍්‍රතිපත්තියක් ගෙන එන බව පෙන්වමින් ජනතාව රුවටීම බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් පවසන්නේ ඩෙංගු වලින් මිය යන සංඛ්‍යාව දිනපතා ඉහල යමින් ඇති අතර බාල ඖෂධ නිසා රෝගීන් මිය යන බවට ලැබෙන තොරතුරු වැඩි වෙමින් ඇති බවත් උපකරණ හිගයන් නිසා ශල්‍ය කර්ම හා ප‍්‍රථිකාර සේවා බිද වැටී ඇති බවද ඔහු පවසයි. රෝහල් නඩත්තු කටයුතු සිදු නොවීම නිසා රෝගීන් හා කාර්ය මණ්ඩලද බර පතල ගැටළු වලට මුහුණ දී ඇති අතර  අර්බුදය කොතෙක්ද කිවහොත් පැරසිටමෝල් පෙත්ත පවා සීමා කර තිබෙන බවයි.

No comments:

Post a Comment