Saturday, January 28, 2012

ඉඩම් බලතල පොලිස් බලතල ගන්න එක්ව සටන් කරනවා


lankahotnews.org
දමිල ජනතාවගේ ගැටළුවට දේශපාලන විසඳුමක් ලබාගැනීමේ ස්ථාවරයේදී දෙමළ ජාතික සන්ධානය සමඟ එකඟ වන බව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන්(පිල්ලෙයාන්) මහතා පවසයි.
ඉඩම් සහ පොලිස් බලතල ලබාගැනීම සඳහා වූ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ද එකඟ වන බව පවසන සි‍වනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ සම්බන්ධයෙන් දන්වා දෙමළ ජාතික සන්ධානයේ
පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර්. සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙන බවද පැවසීය.
තමිල් මක්කල් වෙඩුදලෙයි පුලිගල් පක්ෂයේ නායකයා වන්නේ සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා වන අතර අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව ඊට ප්‍රතිචාර දක්වා ඇති සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
මේ දිනවල නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විදේශගතව සිටින අතර ඔහු නැවත ලංකාවට පැමිණිවිට සාකච්ඡා සිදු කරනු ඇති බව පැවසේ.

No comments:

Post a Comment