Sunday, January 29, 2012

ඉඩම් බලතල ඉල්ලා නැගෙනහිර පළාත් සභාවට ගෙනා යෝජනාව ඒකමතිකව සම්මතයි


lankahotnews.org
පළාත් සභාවලට ඉඩම් බලතල ලබාදෙන ලෙස ඉල්ලා නැගෙනහිර පළාත් සභාව යෝජනාවක් සම්මත කරගත් බව නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි. පසුගිය දා පැවැති සභා වාරයකදී සියළු මන්ත‍්‍රීවරුන් විසින් ඒකමතිකව මෙම යෝජනාව සම්මත කර ගත් බවයි
නැගෙනහිර පළාත් ඉඩම් අමාත්‍ය විමලවීර දිසානායක කියා සිටියේ. වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ වාර්ගික ගැටුමක් තිබුණ ප්‍රදේශයක පලවා හැරීම් හා පලායෑම් තිබුනා ඒ අයට කලින් තිබුන ඉඩම් ලබිදිය යුතුයි. මෙම සංවේදි ගැටළුව විසදීම පළාත් සභාවේ කාර්යයයක්. පලාත් සභාවට මේසදහා පත්කල කම්ටු වාර්තාවක් අනුවයි තීරණය ගත්තේ. ඉඩම් බලතල පළාත් සභාවට අයත් කාර්යක් වුවත් කිසිම රජයක් යටතේ මෙය ක්‍රියාත්මක නොවූ නිසා මතභේදයකට තුඩු දිය හැකි බවත් නමුත් මත භේදයකින් තොරව කිසිම දෙයක් ක්‍රියාත්මක නොවුන නිසා එතරම් ප්‍රශ්නයක්ද නොවන බවයි ඔහුගේ මතය.

No comments:

Post a Comment