Wednesday, December 7, 2011

ආණ්ඩුව නගර හා ග්‍රාම නිර්මාණ පනත් කෙටුම්පත අකුලාගනියි


lankahotnews.org
නගර සහ ග්‍රාම නිර්මාණ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව ආණ්ඩු පක්ෂය අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
අයවැය දෙවනවර කියවීමේ හයවන දිනය වන අද නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වූ පසු ආණ්ඩු
පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ මත එම පනත ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී ඇත.

මෙම පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුවේ සඳහන්ව ඇත්තේ මෙම කෙටුම්පත ප්‍රථමයෙන් පළාත් සභාවට ඉදිරිපත් කොට එයින් සම්මතවීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම යයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

No comments:

Post a Comment