Sunday, December 11, 2011

ඉන්දීය උප මහා ද්වීපය චීනයෙන් ආරක්ෂා කොට ඇත


lankahotnews.org
යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කර තිබේ.
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි  පැවසුවේ, ඉන්දු - ශ්‍රී ලංකා හමුදා සබඳතා ශක්තිමත් කිරීම සංචාරයේ අරමුණ බවය.

මෙහිදී ඉන්දීය යුධ නාවික සහ ගුවන් හමුදාපතිවරුන් සමග ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය සාකච්ඡා පවත්වා තිබේ.ඉන්දීය සාගරය තුළ චීනයේ බලපෑම වර්ධනය වුවද එය ඉන්දීය උප මහා ද්වීපයට තර්ජනයක් නොවන බව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය ඉන්දියාවේදී ප‍්‍රකාශ කර තිබෙනවා. ඔහු ඊයේ පස්වරුවේ, ඩෙහෙරාධූර් ප්‍රදේශයේ පිහිටි ඉන්දීය ආරක්ෂක විද්‍යාපීඨයේ විසිරයාමේ පෙළපාලියක ප්‍රධාන  ආරාධිතයා ලෙස ද සහභාගිවිය.
පසුගිය 04 වෙනිදා ආරම්භ කළ එම සංචාරය නිමවා අද දිනයේ යුධ හමුදාපතිවරයා දිවයිනට පැමිණිමට නියමිතය.

No comments:

Post a Comment