Wednesday, November 23, 2011

" සිහින ඇති සහන නැති "අය වැයක්


lankahotnews.org
නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුුණ එයට එරෙහිව ඡුන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව
එම පක්‍ෂය පැවැත්වූ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී හෙළි කළේය. අද (23) උදේ පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්වූ එම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට පක්‍ෂයේ ප‍්‍රචාරක ලේකම් පා.ම. විජිත හේරත්, පා.ම. සුනිල් හදුන්නෙත්ති සහ හිටපු පා.ම. සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර් යන මහත්වරු සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා ප‍්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කළේය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප 10%කින් වැඩි කරන බව ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය බොරුවක් යැයිද ඔහුන්ගේ මූලික වැටුපෙන් 10%කට සමාන දීමනාවක් පමණක් යෝජනා කර ඇති බව පෙන්වා දුන්නේය. එසේම වෙනත් අය-වැය ලේඛනවලදී පෞද්ගලික අංශයේ සේවක වැටුප් වැඩිකරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කරන  බවද මෙහිදී එවැනි ඉල්ලීමක් පවා නොකළේ ප්‍රෝඩාකාරී විශ‍්‍රාම වැටුප් පනතට විරෝධය පළකළ ලක්‍ෂ 70ක් පමණ පෞද්ගලික අංශයේ සේවකයන්ගෙන් පලිගැනීමට බව හෙලි කළේය.

පසුගිය අයවැය යෝජනාවල ඇතුලත් වූ ඉටු නොකළ පොරොන්දු එකිනෙක විග‍්‍රහ කළ මන්තී‍්‍රවරයා, ති‍්‍රවිධ හමුදා සොල්දාදුවන්ගේ පවුල්වල තුන්වන දරු උපත වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දෙන බව පවසා රුපියල් ලක්‍ෂ 12,000ක් වෙන්කළ බවත් ඒ අනුව හමුදා පවුල්වල සාමාජිකයින් 12,000 කට ආසන්න ප‍්‍රමාණයකට මේ වනවිට රුපියල් ලක්‍ෂය ලැබී තිබිය යුතු වුවත් එසේ ලැබුණ කෙනෙක් සොයාගත නොහැකි බව හෙළි කළේය. එම විහිළුකාරී යෝජනාව මෙවර විගඩමක් බවට පත්කරමින් පොලීස් සේවයේ යෙදී සිටින අයගේ තුන්වන දරු උපතක් වෙනුවෙන් රුපියල් ලක්‍ෂය බැගින් දෙන බවට පොරොන්දු දුන් බව පෙන්වාදුන්නේය.

රැකියා විරහිත උපාධිධාරීන් 40,000 කට වැඩි පිරිසක් මේ වනවිට සිටින අතර පසුගිය අයවැයෙන් ඔවුන් 15000 කට රැකියා ලබාදෙන බව පොරොන්දු වුවද මෙම අයවැය ලේඛනයෙන් එම පොරොන්දු දීම පවා අත්හැර ඇතැයි හෙළි කළේය. සෑම ග‍්‍රාම සේවා වසමකටම ජනසභා ලේකම්වරයෙකු බැගින් පත්කර උපාධිධාරීන් 15000 කට රැකියා දෙන බව කීව ද මේ වනවිට ජනසභා ලේකම් පොරොන්දුව අමතක කර ඇති බව පැහැදිලි කළේය.

තවදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මැතිවරණ ළංවී මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධි කැණීම් කටයුතු කරමින් ජනතාවට සිහින දුන් බව ද නමුත් මෑත අවස්ථා හතරක දී ගෑස් මිල වැඩි කළා මිස සමස්ත ජනතාවගේ ජීවන වියදම් ප‍්‍රශ්නය විසදීමට ඵලදායි කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැති බව ද ‘‘තෙල් මිල වැඩි කළ ඒකෙන් ජීවන බරට තවත් බර පැටවුණා, රජයේ සේවකයන්ට අවම වශයෙන් රු.10000ක් වැටුප් වැඩි කළ යුතුයි. පෞද්ගලික අංශයේ සේවකයින්ට ද 40%කින් වැටුප් වැඩි කළ යුතු බව අපි අවධාරණය කරනවා.’’ යනුවෙන්ද පැවසීය.

මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ පා.ම. සුනිල් හදුන්නෙත්ති මහතා පෙන්වා දුන්නේ ශී‍්‍ර ලංකා වැනි දුර්වල ආර්ථිකයක් පවතින රටක මුදල් ඒකකය බාල්දු කිරීම නිසා උද්ධමනය වැඩිවන බව ද විදේශීය ආදායම් හීන වන බවයි. මේ වනවිටත් අපේ ප‍්‍රධාන අපනයන වන තේ සහ ඇඟලූම් සම්බන්ධයෙන් විදේශ වෙළඳපොළවලදී අර්බුදකාරී තත්වයක් ඇති වී තිබෙන බව ද කෙන්යාව ඇතුළු රටවල් ලෝක තේ වෙළඳපොළ අත්පත් කරගෙන තිබෙන අතර ඇඟලූම් පංගු ප‍්‍රමාණය ද පහත වැටෙමින් තිබියදී මෙවැනි කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමෙන් ප‍්‍රායෝගිකව සිදුවන්නේ ආර්ථිකය අර්බුදයකට යෑම පමණක් බව පැහැදිලි කළේය. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට පනවා ඇති කොන්දේසි ඉටු කිරීමට පසුගිය වසර 30 ක් පුරා රටපාලනය කළ ආණ්ඩු කි‍්‍රයා කළ ද ඒ අනුව සිදුවූයේ ආර්ථික අර්බුදයක් ඇති වීම පමණක් බව හෙළි කළේය.

රට පුරා මහත් ප‍්‍රචාරයක් ලබාදෙමින් දිවි නැගුම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට විශාල මුදලක් වැය කළ ද එහි ප‍්‍රතිඵල පිළිබඳව ආණ්ඩුව පරස්පර විරෝධී සංඛ්‍යා ලෙඛන ඉදිරිපත් කරමින් සිටින බවට මන්තී‍්‍රවරයා චෝදනා කළේය. අයවැය කතාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ දිවි නැගුම ව්‍යාපෘතියේ සාර්ථකත්වය නිසා අත්‍යාවශ්‍ය ආහාර මිල 50%කින් අඩුවී ඇති බවයි. මේ හෙතුවෙන් ආහාර ද්‍රව්‍ය වල උද්ධමනය 3%ක මට්ටමේ පවතින බව ජනාධිපතිවරයා පැවසුව ද පසුගිය සැප්තැම්බර් මස නිකුත් කළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවට අනුව ආහාර ද්‍රව්‍යවල මිල උද්ධමනය 10% ඉක්මවා ඇති බව සඳහන් වන්නේ යැයි හෙළි කළේය.

මෙහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් විජිත හේරත් මන්තී‍්‍රවරයා පැහැදිලි කිරීම් කළේය. සංචාරක ව්‍යාපාරය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් ආණ්ඩුව විශාල වශයෙන් බදු සහන ඇතුළු ආර්ථික වරප‍්‍රසාද ලබාදී ඇති බව ද එය කෙතරම් දැයි යන්න පැහැදිලි වන්නේ ආනයනය කරන තොප්පි සහ පාවහන්, රූපලාවණ්‍ය උපකරණ, හැදි ගෑරුප්පු, සෙල්ලම් බඩු වැනි දෑ වෙනුවෙන් අයකළ 30%ක පමණ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් යැයි පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත‍්‍රිවරුන්ට පහරදීම පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප‍්‍රශ්නයකට  පිළිතුරු දුන් මන්තී‍්‍රවරයා, විරෝධය පෑමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය විපක්‍ෂයට ඇති බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් විපක්‍ෂ මන්තී‍්‍රවරු සිටින ස්ථානවලට පැමිණ ජනාධිපතිවරයා ඉදිරියේ පහර දුන්නද ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළේ උද්ඝෝෂණය කිරීමේ අයිතිය ඇති බවයි.  එහෙත් පහර දෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා බලා සිටි බව ද මෙම දෙබිඩි පිළිවෙත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ බරපතල ගැටළු මතුකරන බවත් ජනතා විමුක්ති පෙරමුණ එය දැඩිව හෙළා දකින බව අවධාරණය කළේය.

No comments:

Post a Comment