ස්නොඩන් සිටිතැයි සැක කරමින් බොලීවියා ජනාධිපති ඊවෝ මොරාලේස් ගමන්
ගත් ගුවන් යානය ඕස්ට්‍රියාවේදී ගොඩබැස්සවීම සම්බන්ධයෙන් ලතින් ඇමරිකානු ජාතීන්ගේ
සංගමය (UNASUR) විසින්
හදිසි රැස්වීමක් කැඳවා පෘතුගාලය ස්පාඤ්ඤය, ඉතාලිය හා
ප්‍රංශය යන රටවලට විරෝධතාවය ප්‍රකාශකර ඇත. මෙය ජාත්‍යන්තර සම්මුතීන් අමු අමුවේම
උල්ලංගනය කිරීමක් බව කොචබම්බා ප්රකාශනය නිකුත්කරමින් එම සංවිධානය කියාසිටී.
ජූලි 04 පැවති මෙම
හදිසි හමුවට වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ, ඉක්වදෝර
ජනාධිපති රෆායල් කොරයා, ආජන්ටිනාවේ ජනාධිපතිනී ක්‍රිස්ටිනා
ෆර්නැන්ඩෙස් සහභාගී වී ඇත.
ඉක්වදෝර ජනාධිපති රෆායල් කොරයා මෙහිදී පවසා ඇත්තේ අප පැමිණ සිටින්නේ
බොලීවීයාවේ සහයෝගයට බවයි.
ජනාධිපති මදුරෝ කියා සිටියේ ඊවෝ මොරාලේස්ට එරෙහිව ජාත්‍යන්තර නීති
කඩකිරීම අප හැමදෙනාටම එරෙහිවීමක් බවයි. මේ අවස්ථාවට සුරිනාම් සහ උරුගුවේ රාජ්‍ය
නායකයොද පැමිණ සිටියහ.
අපට බොලීවියාවේ ඇමරිකන් තානාපති කාර්යාලයක් අවශ්‍ය නැතැයි බොලීවියානු
ලාපාස් ගුවන්තොටුපොලේදී උසුනුම් පිළිගැනීමකට ලක්වෙමින් ජනාධිපති මොරාලේස් ප්‍රකාශකළේය.
No comments:
Post a Comment