Thursday, December 1, 2011

ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන රජයට පවරාගැනීමට පෙර ආණ්ඩුවට එකතු වුනා


lankahotnews.org
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට ගියේ ජාතියේ දරුවන්ගේ අනාගතය ගොඩනැගීමට නොව ඔහුගේ අනාගතය වෙනුවෙන් යැයි එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ දී පැවසීය. ජාතියේ දරුවන්ට මේ ආණ්ඩුව යටතේ අත්ව තිබෙන ඉරණම ගැන සුළු
අවබෝධයක්වත් තිබුණා නම් ගේ‍්‍රරු ආණ්ඩුවට එකතු නොවෙතියිද ආණ්ඩුවට එරෙහිව හයිඞ් පිටියෙන් මතුවූ පොදුජන විරෝධය ඔහු පාවා දුන්නේ යැයි ද ජයසේකර මහතා චෝදනා කළේය. ව්‍යාපාරිකයින් දේශපාලනයට පැමිණි විට මෙවැනි තත්ත්වයන් මතුවන බව අද(01) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජයසේකර මහතා සඳහන් කළේය.

මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ අධ්‍යාපන ආයතන ඌන උපයෝජන පනත යටතේ පවරාගැනීමේ උත්සාහයක් පැවතියේ දැයි නොදන්නා බවත්, දරුවන්ගේ අනාගතය කෙසේවුවද තමන්ගේ සහ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ග්‍රේරු මහතා තීරණයක් ගෙන ඇති බව ද ජයසේකර මහතා පෙන්වාදුන්නේය. එය නින්දා සහගත සහ ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ද, එම ක්‍රියාව අනුමත නොකරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.

නමුත් ආණ්ඩුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන්ලාල් ගේ‍්‍රරු ආණ්ඩුවට එක්වීම සමග අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වර්ධනයක් ඇතිකල හැකි බව  අද (01) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

1 comment:

  1. දැන් එහෙනම් අධ්යාපනය ඉන්තේරැවෙංම ටියුෂන් කාරයිංට ගියා එහෙනම්. අගෙයි. ජයවේවා!

    ReplyDelete