Tuesday, November 15, 2011

මේ දිනවල ඔව් මම කොටියෙක් යනුවෙන් කොළඹ පුරා පෝස්ටරයක් දැකිය හැකි අතර ඒ සදහා විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් වෙමින් පැවතියද මෙය සෙල්වම් නැමති සිනමා කෘතිය බවත් එහි පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක් දක්වන රංගන දායකත්වය නිසා  මම කොටියෙක් නාමය ලැබී තිබේ. නමුත් ජවිපෙ කට්ටිවාදීන් මෙම පෝස්ටරය තමන්ට ජවිපෙ විසින් එල්ලකල දැවැන්ත මඩ ප්‍රහාරයක් බවත්
කට්ටිවාදී විරු සමරුව කඩා කප්පල් කිරීමේ ජවිපෙ බරපතල කුමන්ත්‍රණයක් බව මෙය හදුනාගෙන ඇත.මෙහි බරපතලම ක්‍රියා වලිය වූයේ ගම්පහදීය. ඒ සදහා සුවිශේෂි එකමුතුවක් සූදානම් කොට මෙම අනුවන අදහස ඉදිරිපත් කොට ඇත. තමන් කොටියෙක් යැයි සැකකළ මෙවන් දේශපාලන මංමුලාවීමකට සාමාජිකයන් දැක්වීම පළිබද සාමාජිකයන්ගේ දැඩි විරෝධය එල්ලවී ඇත.

පංතිය බෙදීමේ වෙල්ලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ක්‍රියාවලියට එරෙහි වූයේ ජවිපෙය. නමුත් අද දින ජවිපෙ කට්ටිවාදීන් තමන්ම කොටි ලේබලය බලෙන්ම අලවාගෙන ඇති බව තමන්ට පැහැදිලි බවත් ඒ නිසා කට්ටිවාදීන් සමග මින් ඉදිරියට කට්ටිවාදී කටයුතු නොකරන බවටත් එම හදිසි හමුවට සහභාගී වෙමින් ඉන් ඉවත් වූ කිහිප දෙනෙක්ම පවසා ඇත.

No comments:

Post a Comment