Wednesday, November 23, 2011

අයවැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රවටයි


lankahotnews.org
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මාස දෙකකට අධික කාලයක් වෘත්තීය ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙද්දී රජය දැක්වූ සුබවාදී ප්‍රතිචාරය හේතුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගය 2012 අයවැයදක්වා අත්හිටුවීමට සිදුවූවා නමුත් රජය පොරොන්දු වූ ආකාරයට අයවැය තුළින් සිය වැටුප් වැඩිවීම් සිදුවී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසයි.

එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ මේ පිළිබඳව සිය විධායක කමි‍ටුව රැස්වී සාකච්ඡා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේය. එහිදි ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණෙන බව නිර්මාල් රංජිත්‍ දේවසිරි මහතා සඳහන් කළේය.
පසුගිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නතර කරනු ලැබුවේ ද වැටුප් යෝජනාවල ඉදිරි අදියර අයවැයෙන් සලකාබලන බවට ජනාධිපතිවරයා
විසින්ම ලබාදුන් පොරොන්දුව මත බව ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
ඒ අනුව තමන් පැහැදිලි රැවටීමකට භාජනය කර ඇති බවට දේවසිරි මහතා චෝදනා කරයි.

No comments:

Post a Comment