Tuesday, November 29, 2011

ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්


lankahotnews.org
ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සත්දෙනෙකු
කොළඹ, හිල්ටන් හෝටලයේ දී යසුෂි අකාශි මහතා හමුවූ බව ද්‍රවිඩ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය, යුද්ධය නිමවූ පසුව තවමත් වාර්ගික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට ප්‍රමාදවීම, උතුරු නැගෙනහිර පළාත්වල සිංහල ජනතාව නැවත පදිංචි කිරීම, එම පළාත්වල හමුදා පාලනයක් ඇතිකිරීම සහ සමගි සන්ධානය පිළිබඳව කතාකළ ද රජය ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජපාන විශේෂ නියෝජිතවරයා දැනුවත් කළ බව ප්‍රේමචන්ද්‍රන් මහතා පෙන්වාදුන්නේය.

යුද්ධය නිමාවට පත්ව වසර 3 ට ආසන්න කාලයක් ගතව ඇති මෙම අවස්ථාව දේශපාලන විසඳුමක් සඳහා සුදුසුම අවධිය බව යසුෂි අකාශි මහතා එහිදී සඳහන් කළ බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

කඩිනම් දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධව රජයේ නියෝජිතයින් හමුව සාකච්ඡා කරන බව ද අකාශි මහතා අවධාරණය කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

No comments:

Post a Comment