Tuesday, November 15, 2011

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සටනට


‘‘තම ස්ථිර පදිංචි ස්ථානවලින් දුර බැහැර සේවය කරන වෛද්‍ය නිලධාරීන් වසර ගණනාවක සිටම ස්ථාන මාරු ලැබීමට සුදුසුකම් සපුරා තිබියදීත් ඔවුන්ට ස්ථාන මාරු ලැබීමට ඇති හිමිකම අහිමි කර ඇත. තත්වය මෙසේ තිබියදීම 2012 වසර සඳහාද ස්ථානමාරු කැඳවීමට මෙතෙක් පියවර ගෙන නැත. එය ආයතන සංග‍්‍රහයේ විධිවිධාන හා වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කරමු’’
මෙසේ ප්‍රකාශකලේ සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගිනි.

2007. 09. 12 දින සේවයට බඳවා ගත් රජයේ ආයුර්වේද වෛද්‍යවරු 276 කට අධික පිරිසක් මේ වන විටත් දිවයිනේ දුර බැහැර දුෂ්කර සේවයේ යෙදී සිටින බවත් ඒ නිසා 2012 වාර්ෂික ස්ථානමාරු මණ්ඩලය වහාම කැඳවා ප‍්‍රශ්ණය විසඳන ලෙසත් රජයට බලකරමින් 2011 නොවැ. 15 දින දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී තම සංගමය සියළු ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද නිවේදනයේ තවදුරටත් සදහන්වේ.

No comments:

Post a Comment