Wednesday, November 30, 2011

ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක


 lankahotnews.org
මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ  (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය
රැක ගැනීමටයි.  මෙය සනාත වූයේ 29 ප.ව.3.00ට ජවිපෙ මධ්‍යමකාරක සභාව පවැත්වීමට යොදාගත් මෙහොතේම පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර මහතා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී දේශණයක් සූදානම් කොට තිබීමත්  ජවිපෙ කට්ටිවාදී ජී කුලරත්න 29උදේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ඉදිරියේ ඇති තම පක්ෂ සාමාජිකත්වය කිසිසේත්ම අවලංගුවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමෙන්ය. අදියර 5න් ජවිපෙ බලය ඇල්ලීම අවසන්වී ඇති අතර දැන් පුද්ගලිකව තම තමන්ගේ සාමාජිකත්ව රැක ගැනීමේ මෙහෙයුම අරඹා ඇති අතර එය අදියර 6කින් ක්‍රියාත්මක වන බවත ජවිපෙ කට්ටිවාදී ආරංචි මාර්ග ප්‍රකාශවේ. ඒ සදහා පලමු අදියර මධ්‍යම කමිටු දිනයට කෙසේ හෝ පැලවත්තට පැමිණීම අනිවාර්යය කොට ඇත.
කෙසේ නමුදු ජවිපෙ ඊයේ (29) පැවැති මධ්‍යම කාරක සභාව විසින් මතුවී ඇති දේශපාලන තත්වය පදනම් කරගනිමින් ප්‍රධාන තීරණ 03ක් ගත් බව එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. එනම් ජවිපෙ මධ්‍යම කාරක සභිකයින්  එහි නායකත්වය සහ ජවිපෙ විවේචනය කරමින් ප්‍රසිද්ධ රැස්වීම්වල හා පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීම නැවැත්වීම, මධ්‍යම කමිටු සාමාජිකයින් විසින් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වීමේදී හා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කිරීමේ දී පක්ෂයේ නිසි අවසරයක් සහිතව එම ප්‍රකාශ සිදුකිරීම, ජවිපෙ ව්‍යවස්ථාව සහ විනය උල්ලංඝණය කරන අය පිළිබද සොයා බලා පරීක්ෂණ සිදුකිරීමට විජිත හේරත්, ජිනදාස කිතුලේගොඩ, ලක්ෂ්මන් නිපුණආරච්චි යන මධ්‍යම කමිටු සාමාජිකයින්ගෙන් සමන්විත විනය කමිටුවක් පත්කිරීම එම තීරණ 03යි. 

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවැති මධ්‍යමකාරක සභාවට ජවිපෙන් ඉවත්ව ගොස් සිටින මධ්‍යමකාරක සභිකයින්ට ආරාධනා කර තිබූ අතර ඔවුන් පැමිණියත් එම රැස්වීමට සහභාගි නොවූ බවත්  ඔවුන්ට එම මධ්‍යම කාරක සභාවට සහභාගී වී සාකච්ඡා කිරීමේ අරමුණක් නොතිබු බවත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment