Wednesday, November 23, 2011

නැවත අය වැය පරාජය කරන මන්ත්‍රී වරුන්ට විනය ක්‍රියාමාර්ග


lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ගාල්‍ල බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත් වී තිබේ.සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන්  සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
නිදහස් සන්ධානයේ මන්ත්‍රිවරුන් 7 දෙනෙකු සභාව නි‍යෝජනය කරන අතර අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේ එයින් තිදෙනෙකු පමණි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරයා අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළේය.
මීට පෙරද දොඩම්ගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැයද පරාජයට පත්විය. මෙසේ පරාජයන් ගේ සලකුණු ආණ්ඩුවේ  පැවැත්මට සුභදායි නොවන නිසා බරපතල ක%ියාමාර්ග ගන්නා බව ජනාධිපතිතුමා මීට පෙරද සදහන් කළේය.
මේ අතර පළාත් පාලන ආයතනවල අයවැය සම්මත කිරීමට එරෙහි කටයුතු කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රීවරුන් පිළිබඳ වහාම ක්‍රියාත්මක වන පරිදි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් පුකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කරන්නේ වාර්ෂික අයවැය සම්මත කිරීමේ දී එයට එරෙහි කටයුතු කරන සියළු මන්ත්‍රීවරුන්ට ද පක්ෂ ප්‍රතිපත්තීන් මත විනය පියවර ක්‍රියාත්මක කරන බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණය සන්ධාන පාලන බලය හිමි සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත හා පක්ෂ සංවිධායකයින් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව ද මහලේකම්වරයා සඳහන් කළේය. කෙසේ නමුදු  මෙම සිද්ධි වලින් පෙනී යන්නේ ආණ්ඩුපාක්ෂිකයන් නායකත්වය සමග දක්වන ප්‍රතිවිරෝධයයැයි විචාරක ම?යයි

No comments:

Post a Comment