Friday, November 11, 2011

පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක


ඌණ කාර්යය සාධන සහ ඌණ උපයෝජන වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත් කෙටුම්පත අද දින විවාදයට ගන්නේද නැද්ද යන තීරණය පිළිබද උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ පැවැත්විය.
අදාළ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, පාලිත රංගේ බණ්ඩාර, විජයදාස රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් විසින් රීති ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී. 
මේ අතර ඊට පිළිතුරු දෙමින් අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ ගැටලුවක් නොමැති බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන් ප්‍රකාශ කර තිබේ. 
කෙසේ වෙතත් විපක්ෂයෙන් මතු කෙරුණු විරෝධතා හා ආණ්ඩුවේ කරුණු දැක්වීම් සමග මතු වූ ගාලගෝට්ය හේතුවෙන් තම තීරණය දැනුම්දෙනතුරු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීය.

No comments:

Post a Comment