Wednesday, November 30, 2011

රැකියා ඉල්ලූ තරුණයින්ට ගුටි බැට සමග කදුළු ගෑස්

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස්  සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළේය.
පොලීසිය විසින් එල්ල කරන ලද බැටන් පොලු ‍ප්‍රහාර නිසා සමාජවාදී තරුණ සංගමයේ තිදෙනෙකුට තුවාල සිදීවී ඇතියි ද ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව හදීසි අනතුරු ඒකකයේ අධ්‍යක්ෂ

ජවිපෙ කට්ටිවාදීන් නිලතල රැකගන්න මාධ්‍ය සංදර්ශණයක


 lankahotnews.org
මතවාදීමය වශයෙන් තවදුරටත් ජවිපෙ දේශපාලනය සමග ගමනක් නොමැති ජවිපෙ කට්ටිවාදීන් ජවිපෙන් තමන්ට ලැබුණ නිලතල රැක ගැනීමේ මෙහෙයුමක් අරඹා තිබේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඊයේ  (29) කැඳවා තිබූ පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා සහභාගිවීමට ජවිපෙ කට්ටිවාදීන්ට සිදුව ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ග හමුවේ තම මතභේදකාරී සාමාජිකත්වය

ආශ්චර්යමත් පිවිසුමේ චාටර් වුනොත් දඩය රු5000යි


lankahotnews.org
හදිසි ආපදා අවස්ථාවකදී වාහන නතර කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වෙන්කර ඇති මංතීරුවේ හේතුවක් නොමැතිව වාහන නතර තරන රියදුරන්ට රුපියල් 5000ක දඩයක් නියම කොට ඇත. ආපදා මංතීරුවේ සිට අවට සිරි නරඹන පිරිස්

Tuesday, November 29, 2011

ටී.එන්.ඒ මන්ත්‍රීවරුන් හා යසුෂි අකාශි අතර හමුවක්


lankahotnews.org
ද්‍රවිඩ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් අද(29) මෙරටට පැමිණ සිටින ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාශි මහතා හමුවී තිබේ.

එම සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරුන් සත්දෙනෙකු

ඇමති ජොන්ස්ටන් පොල් කයි


lankahotnews.org
පොල් හිඟය මඟ හැරවීම සඳහා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් රුපියල් හය ලක්ෂ අසූඅට දහස් පන්සිය දොළහක් වියදමකින් 22500ක් වූ පොල් තොගය විනාශ කළ බව අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. පොල් තොගය ලැබෙන විට  ශ්‍රී ලංකාවේ පොල් හිඟය මඟහැරී

දුමින්ද පැමිණි වහා අත්අඩංගුවේ-රහස් පොලිසිය


lankahotnews.org
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධියේ සැකකරුවෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ශ්‍රී ලංකාවට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රහස් පොලිසිය අද(29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

මහරජ අන නොතකා බණ්ඩාරවෙල අයවැයත් ආණ්ඩුව පරදවයි


lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි බණ්ඩාරවෙල ප්‍රාදේශිය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ.
 එහි සභාපති උදය කිත්සිරි පැවසුවේ, අයවැයට පක්ෂව ඡන්ද 4ක් ලැබී ඇති අතර ඊට විපක්ෂව ඡන්ද 5ක් ලැබුණු බවයි.

අධිවේගයේ පළමු රිය අනතුරින් පුද්ගලයින් දෙදනෙකුට තුවාලයි..


 lankahotnews.org
දක්ෂිණ අධිවේගි මාර්ගයේ වෑන් රථයක් පෙරළීමේන් පුද්ගලයින් දෙදනෙකු තුවාල ලබා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ අද පෙරවරු 7.15 ට පමණ කහතුඩුවට කිලෝමිටර් 8 ක් දුරින් එම අනතුර සිදුව ඇති බවය

කොටි මහවිරු සැමරුම් අත්හදා බලයි


lankahotnews.org
හිටපු කොටි නායක වෙළුපිල්ලේ උපන් දිනය වෙනුවෙන් කොටි හිතවාදී පිරිස් ත‍්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකදී පත්‍රිකා බෙදා හැරීමක් හා පෝසටර් ව්‍යපාරයක් දියත් කොට ඇත. සාම්පූර් අවතැන් වැසියන් වෙසෙන කිලිවෙඞ්ඩි සුභසාධන මධ්‍යස්ථාන භූමියේ දමාගොස් තිබූ
අත්පත‍්‍රිකා කිහිපයකින් පැවසෙන්නේ කොටි නායකයා මිය නොගිය බවත්

දිරිය දරුවෝ දේශපාලනයට යොදාගත් සංවිධායකයින් ගුටි කයි!


”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්‍ෂ ඇතුළු පිරිසක් සහභාගීවන බව පවසමින්

Saturday, November 26, 2011

වරායේ වෘත්තීය සමිතිය නැවතත් ජවිපෙට


lankahotnews.org
පසුගිය නොවැ. 22 දින පැවති වරාය සේවක සුභසාධන සමූපකාර සමිතියේ මහා සභා නිලවරණයෙන් ජ.වි.පෙ. ට සම්බන්ධ වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ඉදිරිපත් කළ කණ්ඩායම ජයගෙන තිබේ. වරාය තුල විවිධ කොට්ඨාශ නියෝජනය කරමින් නියෝජිතයින් පත්කරන මෙම සමා සභා නිලවරණයේදී ජ.වි.පෙ. ට සම්බන්ධ

දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න යසුෂි අකාෂි දිවයිනට

lankahotnews.org
ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන යෂුෂි අකාෂි දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙසද එක්වනු ඇති.

රට පුරා මහ වැසි


lankahotnews.org
යාපනය, මඩකලපුව, වව්නියාව, අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට ඇඳ හැලෙන අධික වැසි සමඟ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ එම දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් ද ජලයෙන් යට වී ඇති බවය

සුමන සමන් දෙවිදුට ආරක්ෂාව දීමට නොහැකිවූ සමනල අඩවියේ ජන්දය


lankahotnews.org
ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් තෝරා ගැනීමේ ඡන්දය සබරගමු පළාත් සභාවේ පළාත් සභා ශ්‍රවණාගාරයේදී දැඩි ආරක්ෂාව මැද්දේ සිදුවිය. ඒ අනුව ශ්‍රි පාදස්ථානාධිපති නායක පදවිය සදහා පැල්මඩුල්ල රජමහා විහාරය සහ පොත්ගුල් රජමහා විහාරයන්හි උභය විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් අද පස්වරුවේ තේරී පත්විය.

වැඩකරන ජනතාව දැවැන්ත අරගලයකට සූදානම්


lankahotnews.org
මෙවර අයවැය රාජ්‍ය සේවකයින්ට 10%ක වැටුප් වැඩිවීමක් ලබාදෙන බවට ප‍්‍රකාශ කළ නමුත් මේවන විට එය වැටුපට එල්ලන තවත් සොච්චම් දීමනාවක් බව පැහැදිලි වී තිබෙන බවත් ජාතික වෘත්තීය සමිතිය කියා සිටී. එම මධ්‍යස්ථානය ජනාධිපතිවරයාට ලිපියක් මගින් කියා සිටින්නේ දැනට ගෙවනු ලබන සියළු දීමනා මූලික වැටුපට එකතු කරන ලෙසය.කේ.ඞී. ලාල්කාන්ත මහතාගේ අත්සනින් යුතුව යවා ඇති එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

වැටුප් වැඩි නොකලොත් උද්ඝෝෂණයේ


lankahotnews.org
ලංකා විදුලිබල මණ්‌ඩල සේවක වැටුප් සියයට හතළිස්‌ පහකින් ඉහළ නොදමන්නේ නම් ලබන සතියේ සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිති තීරණය ඇති බව අප වෙත වාර්තා වේ. විදුලිබල මණ්‌ඩල සේවකයන්ට වසර තුනකට වරක්‌ වැටුප් වැඩිවන අතර 2009 ජනවාරියට පසුව 2012 ජනවාරි මාසයේ වැටුප් වැඩිවීම ලැබිය යුතුව ඇති බවද ඔවුන් පවසයි.

කොටස් වෙළදපොළ හදිසියේ අත්හිටුවයි


මේවන විට කොළඹ කොටස් වෙළදපොළේ සියළු ගනුදෙනු කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
කොළඹ කොටස් වෙළඳ පොළේ මිලංක මිල දර්ශකය අද උදෑසන සියයට 5.0 කට වඩා පහළ යාම නිසා විනාඩි තිහක කාලයකට ගනුදෙනු අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ කටයුතු කළේය.

Wednesday, November 23, 2011

" සිහින ඇති සහන නැති "අය වැයක්


lankahotnews.org
නිවැරදි ආර්ථික කළමණාකරණයක් සහිත සාර්ව ආර්ථික දැක්මක් නැති ජනතාවට සහන නැති සිහින ඇති අයවැයක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඉදිරිපත් කර තිබෙන බැවින් ජනතා විමුක්ති පෙරමුුණ එයට එරෙහිව ඡුන්දය දී පාර්ලිමේන්තුවෙන් පිටත රට පුරා ජනතාව සමග එක්වී උද්ඝෝෂණ පවත්වන බව

අපිව සතුටු කල අයවැයක් - IMF


lankahotnews.org
ශ්‍රී ලංකා රජය විසින් රුපියල අවප්‍රමාණය කිරීමට ගෙන ඇති තීරණය ආර්ථික ක්ෂේත්‍රයේ සුබවාදී බලාපොරොත්තු ඇතිකරනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මෙමගින් ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයනයේදී තරගකාරිත්වය තුළින් වාසිදායක තත්ත්වයක් උදාකරදෙනු ඇතිවාක් මෙන්ම සංචිත සාමාන්‍ය මට්ටමෙන් ඔබ්බට ආරක්ෂාකාරීවනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත කෝසි මතායි මහතා පවසා ඇත.

නැවත අය වැය පරාජය කරන මන්ත්‍රී වරුන්ට විනය ක්‍රියාමාර්ග


lankahotnews.org
එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ගාල්‍ල බෝපේ-පෝද්දල ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පරාජයට පත් වී තිබේ.සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන්  සන්ධානයේ මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

නිදහස් අධ්‍යාපනයේ මලගම SB ඇමති සමයයි-වෛද්‍ය සිසුන් කියයි


lankahotnews.org
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ ඉදිකිරීම් වහා නතර කරන ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනක් අද කොළඹ දී පැවැත්විණි. දිවයින පුරා විශ්වවිද්‍යාල වෛද්‍ය සිසුහු දහසකට ආසන්න පිරිසක් ඊට එක්වූහ.

අයවැයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රවටයි


lankahotnews.org
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය මාස දෙකකට අධික කාලයක් වෘත්තීය ක්‍රියා මාර්ගයට අවතීර්ණ වෙද්දී රජය දැක්වූ සුබවාදී ප්‍රතිචාරය හේතුවෙන් වෘත්තීය ක්‍රියා මාර්ගය 2012 අයවැයදක්වා අත්හිටුවීමට සිදුවූවා නමුත් රජය පොරොන්දු වූ ආකාරයට අයවැය තුළින් සිය වැටුප් වැඩිවීම් සිදුවී නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවසයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කරනවා ''නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය''


lankahotnews.org
පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සම්බන්ධව මේ දක්වා නිශ්චිත ආයතන ව්‍යූහයක් පිහිටුවා නොතිබූ අතර එම අඩුව සම්පූර්ණ කිරීමට පෞද්ගලික විශ්වවිද්‍යාල පනත මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ''නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ජාතික ව්‍යාපාරය'' අණාවරණය කරයි.  (20) පෙරවරුවේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති මධ්‍ය සාකච්ඡාවකදී මේබව හෙළිකළේය.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතුයි


lankahotnews.org
රටේ අවිනීතියට එරෙහිව සියලු දෙනා පෙළගැසිය යුතු බව අනෝමා ෆොන්සේකා අවධාරණය කරයි. රටේ ඉහළම අධිකරණය විසින්
දුන් තීන්දුවට තමා ගරු කරන බව අවධාරණය කරන ඇය එම දඬුවම කලින් සිටම ලබා දෙන බව දැන සිටි බවද පවසයි. රටේ  ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට සියලුම ජනතාව ඒකරාශි විය යුතු කාලය එළඹ ඇති බවද අනෝමා ෆොන්සේකා පවසයි.

ගෝරි මැද ජනපති අයවැය කියවයි

Add caption

lankahotnews.org
2012 වසර සඳහා වූ අයවැය යෝජනා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ජනාධිපතිවරයා අයවැය කථාව ආරම්භකර ටික වේලාවකින් පාර්ලිමේන්තු සභාගැබ තුළ නොසන්සුන් තත්ත්වයක් ඇති විය.එජාප මන්ත්‍රීවරුන් විවධ විරෝධතා පාඨ කියමින් ඝෝෂා කිරීම ඊට හේතු විය. පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාව මධ්‍යට පිවිස විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය පළ කරමින් පහර දුන්නේය.

ආණ්ඩුවේ අතුරු පාලක මණ්ඩලය EDCS (ගුරු ගෙදර) විනාශ කරයි



lankahotnews.org
ආණ්ඩුව බලෙන් පවරාගෙන අතුරු පාලක මණ්ඩලයක් යටතට පත්කළ අධ්‍යාපන සමූපකාර සමිතිය (ගුරු ගෙදර)නව අතුරු පාලක මණ්ඩලය හරහා පාලනය වීමට පටන්ගත් පසු දූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බවත් අධ්‍යාපන සමූපකාර සමිතියෙන් පසුගිය සැප්තැම්බර් මස තුල පමණක් සාමාජිකයින් 1450 දෙනෙකු ඉල්ලා අස්වී ඇති බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

සුදු කොඩි රැගෙන පැමිණි අයට වෙඩි තැබූබව ප්‍රකාශකල බව පිළිගන්නැයි සරත් ෆොන්සේකාට අධිකරණය කියයි


lankahotnews.org
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට මහතාට කොළඹ මහාධිකරණය අද වසර තුනක සිර දඬුවමක් නියම කළේය.  ඒ සුදු කොඩි නඩුවට අදාළව ඔහු වැරදිකරුවිමෙනි.
මීට අමතරව රුපියල් 5,000 දඩයක් ගෙවන්නැයි, නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් තවත් මාස 6ක සිර දඩුවමකට ඔහු යටත් කෙරෙනු ඇති. මෙම දඬුවම නියම කෙරුණේ සුදු කොඩි නඩුවේ පළමු චෝදනාවට වරදකරුවීම හේතුවෙනි.

Wednesday, November 16, 2011

ද්‍රවිඩ ජාතික සන්ධානයේ විදෙස් සංචාරයෙන් පසු රජය සමග නැවත සාකච්ජා


රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර මීළඟ වටයේ සාකච්ඡාව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විදේශගතව සිටීම හේතුවෙන් දීර්ඝ කාලයක් අදාළ සාකච්ඡා පැවැත්වීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ මහතා සඳහන් කළේය. නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවත් සමඟ දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යාම රජයේ අරමුණ බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් අද පැවැත්වෙන සාකච්ඡාව දිර්ඝ

මාසයක් තුල බස් ගාස්තු වැඩි කරීමක්

ඉන්ධන සහනාධාරයක් ලබා දෙන ලෙසට පෞද්ගලික බස් හිමියන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් රජය දැක්වූ ප්‍රතිචාරය මත  බස් ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පැවසීය. නමුත් පෞද්ගලික ප්‍රවාහන අමාත්‍යාංශය සමග ඇතිකරගත් ලිඛිත  එකගතාවකින් පසු වර්ජනය අතහැරීමට තීරණය කරන ලදි.‍‍‍‍‍‍‍‍‍‍ මේපිළිබද වැඩිදුර අදහස් දැක්වූ  පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු  විජේරත්න මහතා අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින්

Tuesday, November 15, 2011

දූෂිත තැපල්පති ඉල්ලා අස්විය යුතුයි

විවිධ චෝදනා එල්ලවී ඇති තැපැල්පති ඞී.එන්.කේ දිසානායක මහතා වහාම එන තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් තැපැල් වෘත්තිය සමිති එකමුතුව අද දහවල් කොළඹ ඞී.ආර්. විජයවර්ධන මාවතේ ප‍්‍රධාන තැපැල් හුවමාරු මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය

1984දී විශ්වවිද්‍යාල පොලිසි අසාර්ථකයි


විශ්වවිද්‍යාල තුළ අභ්‍යන්තර කැළඹිලි ඇතිවීම වැළැක්‌වීම පිණිස විශ්වවිද්‍යාල භූමි තුළ පොලිස්‌ මුරපොළවල් ආරම්භ කිරීමට තීරණය කළ බව උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක පවසයි. විශ්වවිද්‍යාල පොලිසි නමින් මෙම වැඩපිළිවෙළ නම් කරන අතර පිටරට විශ්වවිද්‍යාලවල

රෝහණ සහෝදරයගේ දේශපාලනය කොල්ලකන්නේනම් ඒ උත්සාහය දිවිහිමියෙන් පරාජය කරනවා

පුංචි කොල්ල කල්ලියක් බිහිවී ඇත. මුලින් දේපල කොල්ල කෑ මෙම කල්ලිය රෝහණ විජේවීර සහෝදරයගේ දේශපාලන ගෞරවය කොල්ල කනවා. තමන්ගේ පටු අරමණු වෙනුවෙන් රෝහණ සහෝදරයගේ දේශපාලනය කොල්ලකන්නේනම් ඒ උත්සාහය දිවිහිමියෙන් පරාජය කල යුතුයැයි පැවසූවේ කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ (13)පැවති  22වැනි ඉල්මහ සමරුවෙදී ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාය.
මේ දිනවල ඔව් මම කොටියෙක් යනුවෙන් කොළඹ පුරා පෝස්ටරයක් දැකිය හැකි අතර ඒ සදහා විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් වෙමින් පැවතියද මෙය සෙල්වම් නැමති සිනමා කෘතිය බවත් එහි පුනරුත්ථාපනය වූ LTTE සාමාජිකයෙක් දක්වන රංගන දායකත්වය නිසා  මම කොටියෙක් නාමය ලැබී තිබේ. නමුත් ජවිපෙ කට්ටිවාදීන් මෙම පෝස්ටරය තමන්ට ජවිපෙ විසින් එල්ලකල දැවැන්ත මඩ ප්‍රහාරයක් බවත්

හෙදියන් සූරාකෑමට


මේ වන විට කොළඹ හෙද විදුහල් ක්‍ෂේත‍්‍රය තුල මහා පරිමාණ වංචා, දූෂණ හා ගසාකෑම් ව්‍යාපාරයක් දියත් වී ඇති බව සමස්ත ලංකා සුව සේවා සංගමය පසුගිය 9 වැනි දින කොළඹදී මාධ්‍ය සාකචඡාවක් කැඳවමින් හෙළිදරව් කර සිටියේය.

මේ සම්බන්ධව ආසන්න සිදුවීම් ගණනාවක් ඔවුන් ඉදිරිපත් කළේය.

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සටනට


‘‘තම ස්ථිර පදිංචි ස්ථානවලින් දුර බැහැර සේවය කරන වෛද්‍ය නිලධාරීන් වසර ගණනාවක සිටම ස්ථාන මාරු ලැබීමට සුදුසුකම් සපුරා තිබියදීත් ඔවුන්ට ස්ථාන මාරු ලැබීමට ඇති හිමිකම අහිමි කර ඇත. තත්වය මෙසේ තිබියදීම 2012 වසර සඳහාද ස්ථානමාරු කැඳවීමට මෙතෙක් පියවර ගෙන නැත. එය ආයතන සංග‍්‍රහයේ විධිවිධාන හා වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු පටිපාටිය උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කරමු’’

කැලණිය පේරාදෙණිය සරසවි උණුසුම්


අද උදෑසන පේරාදෙණිය සරසවිය සිසුන් කළමණාකරණ පීඨයට සිසුන් බදවා නොගැනීමට එරෙහිව විරෝධයතාව දක්වා  උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ 6 දෙනෙකු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. විද්‍යාපීඨ ශිෂ්‍ය සභාවට තරග කළ සිසුන් දෙපිරිසක් අතර  ගැටුම හටගෙන තිබේ. මහාචාර්ය නලින්ද සිල්වා මහතාට හිතවත් සිසුන් පිරිසක් මෙම ගැටුමට මුල්වී ඇතිබවද වාර්ථාවේ. 


Friday, November 11, 2011

වැඩබලන විදුහල්පතිවරුන්ට තාවකාලික පැලැස්ථරයක්



දිවයින පුරා 4,000කට අධික වැඩබලන විදුහල්පතිවරුන් ,විදුහල්පති ධුරයේ ස්ථිර කරන ලෙස බල කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට  දින 44ක සිට උපවාසයක නිරතවූහ. නමුත් ඊට නිසි විසදුමක් ඉදිරිපත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අසමත් වූහ. මෙසේ දින ගණනාවක සිට උපවාසයේ නිරත සිටින වැඩබලන විදුහල්පතිවරු 09 පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඇතුල් වුහ. මෙම තත්වය පාලනය කිරීමට පොලීසියද පැමිණි අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ජාවක්ද අද දින පවත්වා ඇත.

පාර්ලිමේන්තුව ගාලගෝට්ටියක


ඌණ කාර්යය සාධන සහ ඌණ උපයෝජන වත්කම් යළි යථා තත්ත්වයට පත්කිරීමේ පනත් කෙටුම්පත අද දින විවාදයට ගන්නේද නැද්ද යන තීරණය පිළිබද උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ පැවැත්විය.
අදාළ පනත් කෙටුම්පත අද විවාදයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස, පාලිත රංගේ බණ්ඩාර, විජයදාස රාජපක්ෂ සහ අනුර කුමාර දිසානායක යන මන්ත්‍රීවරුන් විසින් රීති ප්‍රශ්න ඉදිරිපත් කරන ලදී. 
මේ අතර ඊට පිළිතුරු දෙමින් අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ ගැටලුවක් නොමැති බව සභානායක නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් යන මහත්වරුන් ප්‍රකාශ කර තිබේ. 
කෙසේ වෙතත් විපක්ෂයෙන් මතු කෙරුණු විරෝධතා හා ආණ්ඩුවේ කරුණු දැක්වීම් සමග මතු වූ ගාලගෝට්ය හේතුවෙන් තම තීරණය දැනුම්දෙනතුරු කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල්තැබීය.

Wednesday, November 9, 2011

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ පෝස්ටර් වාරියපොල පොලිසිය පැහැරගනී

සමාජවාදී ශිෂ්‍ය සංගමය අයවැයෙන් ප්‍රමාණවත් මුදලක් අධ්‍යාපනයට වෙන්කරනු සටන් පාඨය යටතේ පෝස්ටර් ව්‍යාපාරයක් රටපුරා දියත්කොට තිබුණු අතර එහි පෝස්ටර් අලවමින් සිටි පිරිසකගේ පෝසටර් වාරියපොල පොලිසිය පැහැරගෙන ඇති අතර 3ක් පොලිස් අත්අඩංගුවේ රදවාගෙන ඇත.

ඩීසල් මිල රුපියල් 8 කින් ඉහළ දැමීම කුමන්ත‍්‍රණයක්

ඉන්ධන මිල වැඩි කිරිම‍ට එරෙහිව ලබන 15වෙනිදා පිටකොටුවේදි උද්ඝෝෂණයක් සංවිධානය කරන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පැවසුවේ ඩීසල් මිල රුපියල් 8කින් වැඩි කිරිම අසාධාරණ තීරණයක් බවය.එම නිසා පිට පළාත් බස් රථ හිමියන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්ව සිටි සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සංගමයේ ලේකම් අංජන ප‍්‍රියන්ජිත් සඳහන් කළේ, බස් ගාස්තු වැඩි කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා මේ මස 15 වැනිදා උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවයි. එය පිටකොටුව -  ගුණසිංහපුර බස් නැවතුම්පොළේදී පැවැත්වෙන බවත්, අනතුරුව දිවයින පුරාම උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා. එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ, ජාතික ප‍්‍රතිපත්තියට අනුව බස් ගාස්තු සංශෝධනයකට යා නොහැකි වන පරිදි ඩීසල් මිල රුපියල් 8 කින් ඉහළ දැමීම කුමන්ත‍්‍රණයක් බවයි. එම සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු පවසන්නේ රජයට සහ ජනතාවට දැනෙන අයුරින් එම උද්ඝෝෂණය සංවිධානය කරන බවය.

බාල පෙට්‍රල් පාවිච්චිය හරහා අලාභ සිදුවීමේ අවදානමක්

 
පසුගිය සමයේ පාරිභෝගිකයින් දුෂ්කරතාවට පත් කළ බාල පෙට්‍රල් යළිත් වෙළඳපළට නිකුත් වීමේ අවදානමක් ඇතැයි, එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක පවසයි. ගෙන් වු බාල පෙට්‍රල්වලින් ඉතිරිවී ඇති මෙට්‍රික් ටොන් 2,600 අලෙවි කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි. "දැන් මේ ටෙන්ඩරය අදින් අවසන් වෙනවා. මේ ටෙන්ඩරයේ කොහෙවත් සඳහන් කරලා නැහැ. මේවා කොහෙවත් කුමන කටයුත්තක් සඳහා ද මේ පෙට්‍රල් පාවිච්චි කළ යුත්තේ කියන එක සඳහන් කරලා නැහැ. 
 
කිසිම පිරවුම්හලකට මේ බාල පෙට්‍රල් නිකුත් කළ නොහැකියි කියලා වගන්තියක් මේ ටෙන්ඩරයේ සඳහන් කරලා නැහැ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා. මේ පෙට්‍රල් තොගය අලෙවි කිරීමෙන් පසුව කිසිම වගකීමක් ඛනිජතෙල් සංස්ථාව භාරගන්නේ නැති බව පාරිභෝගිකයින්ගේ වාහනවලට යළි මේ බාල පෙට්‍රල් පාවිච්චිය හරහා අලාභ සිදුවීමේ අවදානමක් මේ ටෙන්ඩර් කැඳවීම හරහා අපි දකිනවා" යනුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

Saturday, November 5, 2011

අපරක්නා උරුමය දේශන 50 අතේ රෝලක්

ජවිපෙ කට්ටිවාදීන් නොවැම්බර්13 ගොඩනැංවීමට නියමිත පක්ෂයේ එලිදැක්වීමට කලින් දේශණ 50ක් පවත්වන බවට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරයක් ලබාදී තිබුණි. එය පට්ටපල් බොරුවක් බවත් පංතිය රැවටීක් බවත් ඒ පිලිබදව කලකිරුණු සාමාජිකයකු අප හා පැවසුවේය.සමහර දේශණ සදහා ස්ථාන නම් කිරීමේදී එවැනි නමින් දේශණශාලා මේවනවිටත් ඉදිනොවී තිබුණ අතර සමහර දේශණසදහා කථිකයන් හා සංවිධායකයින් පමණක් සිටි අතර ඒවා හොර රහසේම නතරකර දමන ලදි. සමහර විට දිස්ත්‍රික්ක කිහිපයකින් පිරිස පැමිණීමට නියමිතව තිබුණද සහභාගී වූයේ ගෘහස්ථ සාකච්ජාවක පිරිසකි. වාහන ගමන්කල හැකි තදාසන්න ප්‍රදේශයන් පමණක් මෙම දේශණ සීමාවී ඇති අතර මාධ්‍ය ඉලක්කකොට ගත් ප්‍රලාපයක් බවට මෙම දේශණ පත්වී ඇත.

මෙම දේශණ වල ප්‍රධාන තේමාව රෝහණ විජේවීරයන් නමුත් රෝහණ විජේවීරයන්ගේ කැපවීම හා පැරණි වමට එරෙහි අරගලය පමණක් මතු කරන අතර රොහණ විජේවීරයන් ජාතික ගැටළුවට ඉදිරිපත්කල විසදුම් හා ලාංකීය සමාජවිප්ලවයේ ගමන්මග එහි කිසිදු කථිකාවතක් නොමැත. මෙසේ රෝහණ විජේවීරයන්ගේ දැක්ම විකෘති කරමින් නමුත් එහි ප්‍රතිරූපය හරහා යම් බලයක් ගොඩනගා ගැනීමට  තැත් කරන මෙම දේශණ බොහොමයක් දැනටමත් අවලංගු කොට ඇති අතර නොවැම්බර් 13 සමුළුවද අවලංගුකිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එය පැවැත්වීමේ නොහැකියාවද ජවිපෙ මතම පැටවීමේ කුමන්ත්‍රණයක්ද ‍පවතියි. කෙසේ නමුදු මාධ්‍ය සංදර්ශණයක් වන මෙම හමුව එදින මාධ්‍ය සාකච්ජාවක්වීම වැලැක්වීමට කට්ටිවාදී සංවිධායකයෝ උත්සාහ ගන්නවා ඇත.

සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය බලහත්කාරයෙන් අත්පත් කරගෙන

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ඉදිරිපිට එහි සේවකයන් සහ ගොවීන් පිරිසක් ඊයේ (03) සිට විරෝධතාවයක නිරත වූවා. ඒ, එම කර්මාන්ත ශාලාවට ඇතුළුවන දොරටු අවහිර කරමින්.  මෙලෙස විරෝධතාවයට එක්ව සිටින පිරිස් කියා සිටියේ කර්මාන්ත ශාලාවේ සම්පත් පාලනාධිකාරිය විසින් හදිස්සියේ රැගෙන යාමට විරුද්ධව මෙම විරෝධතාවය දියත් කරන බවයි. නමුත් අද දින තත්වය සේවකයින් කර්මාන්ත ශාලාව අත්පත් කරගැනීම දක්වා වර්ධනය වී ඇත. රජය නිහඩය, කරවටක් ආර්ථික අර්බුදයේ ගිලුණු ආර්ථිකයත් රටතුල මතුවුන ආර්ථික අර්බුදයත් ගිල ගැනීමට නොහැකි වූ ආණ්ඩුව මෙවැනි කුපිතවීම් බලාපොරොත්තුව සිටීදැයි හැගේ.

යෝජිත කාර්යයසාධන අඩු හෝ පරිහරණයට නොගන්නා වත්කම් රජයට පවරාගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ඒ සඳහා සහය දක්වන කිසියම් පිරිසක් සෙවනගල සීනි කර්මාන්ත ශාලාව අද දින නීතිවිරෝධී ලෙස අත්පත්කරගෙන ඇති බව එම කර්මාන්ත ශාලාව අයත් දයා සමූහ ව්‍යාපාරය පවසයි. කිසිදු නීතිමය පසුබිමකින් තොරව සිදුකර ඇති මෙම ක්‍රියා කලාපය සම්බන්ධව රජයේ කිසිදු වගකිවයුත්තෙකු සිය අවධානය යොමුකොට නොමැති බව එම ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ මහතා සඳහන් කරයි. මෙම පිරිසගේ ක්‍රියා කලාපය නිසා සෙවනගල කර්මාන්ත ශාලාවේ සේවකයින් රැසක් පහරකෑමට ලක්ව තුවාල ලබා ඇති බවත් නිවේදනයක් නිකුත්කරමින් ඒ මහතා පෙන්වාදෙයි. රජය මේ පිළිබඳව දැඩි අවධානය යොමුකළ යුතුව ඇති බවත්, මෙවැනි ක්‍රියා මුළු ව්‍යාපාර ප්‍රජාවටම අහිතකරව බලපානු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මේ වනවිට සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ කළමනාකාරිත්වය බලහත්කාරයෙන් එළියට ඇද දමා ඇති බව වාර්තා වී ඇති බව ද දයා ගමගේ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි.

Friday, November 4, 2011

දේශපාලන වෛරය ව්‍යාපාරිකයන්ටත්

පාඩුලබන හා අසාර්ථ ව්‍යාපාර රජයට පවරා ගැනීම සදහා වන ඌණ කාර්ය සාධන ව්‍යාපාර සහ ඌණ උපයෝජිත වත්කම් යළි යථා තත්වයට පත්කිරීමේ පනත් කෙටුම් පත ලබන බදාදා 09 පාර්ලිමේනුතුවේදී විවාදයට ගැනීමට නියමිතයය.පෞද්ගලික අංශයට පවරා දෙන ලද රජය යටතේ පැවති ඇතැම් ව්‍යාපාර වලින් ඒවා අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ‍නොහැකිවී ඇති බැවින් එම ව්‍යාපාර ආපසු පවරාගෙන දියුණු කිරීම මෙම පණතේ අරමුණ බව රජය කියයි.

සංවර්ධනය ලෙස මවා පාමින් තමන්ට එරෙහි මතදරන්නන්ගේ ලාභ ලබන ව්‍යාපාර අත්කරගැනීමටත්  තමන් බංකොලොත් කල ව්‍යාපාර රජයේ මුදලින් යාවත්කාලීන කොට නැවත රජයේ හිතවතුන්ට ලබාදීමත් මෙහි අරමුණ බව ව්‍යාපරිකයන් කිහිපදෙනකුම මේවනවිට ප්‍රකාශ කොට ඇත.

රජය ව්‍යාපාර ගැන දන්නේ නැ.

රාජ්‍ය නිළධාරීන් ව්‍යාපාර කරන්න දන්නේ නැති නිසා පුද්ගලික අංශයේ අයව අරන් සමූපකාරයේ ලාභය වැඩි කරන බව සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදි පැවති සමූපකාර සේවක ආයතන සංග්‍රහය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුවක් අමතමිනි.

"අපි මහ විනාශයක් කරා යනවා. තව අවුරුදු 5කින් ආපහු බලන්න වෙන්නේ කෝටි කීයක් අපි ණය වෙලා ද කියලා. රාජ්‍ය නිලධාරි මේ ව්‍යාපාර ගැන දන්නේ නැ. එහෙමනම් රාජ්‍ය නිලධාරීන්ව දාන්න පුළුවන් ව්‍යාපාර කරන්න. රාජ්‍ය නිලධාරි ඉන්නේ පරිපාලනය කරන්න. අපි තීන්දුවක් අරන් තියෙනවා ජාතික මණ්ඩලය හරහා ඒවට අවශ්‍ය කරන පුද්ගලික අංශයේ අයව ගන්න. ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභ ලබන්න පුද්ගලික අංශයේ අයව ගන්න. ණය අරගෙන ව්‍යාපාරයක් කරලා ලාභ ලබන්න පුද්ගලික අංශයට පුළුවන් නම් ඇයි සමූපකාරයට බැරි"
මේ අනුව ඉදිරියේදී සමූපකාරය ව්‍යාපාර කරන බවත් ඒවා ලාභගැනීමේ ක්‍රමය ජනධිපති තුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන බවත් සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  වැඩිදුරටත් පැවසූයේය.

නමුත් රජයම මේදිනවල පාඩු ලබන පෞද්ගලික ආයතන රජයට පවරා ගෙන දියුණු කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැරසෙන අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මෙම මතය සමග එය පරස්පරතාවයක් දැකිය හැකියි.

ජවිපෙ කට්ටිවාදීන්ට පොඩි රත්නේ එකතු වේ

1983 ජවිපෙ තහනමට ඉතා ආසන්න වකවානුවේ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් ඉවත්වූ පොඩි රත්නෙ හෙවත් ADP රත්නායක මහතා මේවන විට ජවිපෙ කට්ටිවාදී පිලේ මහ පුටුවක අසුන් ගන්වා ඇත. කට්ටිවාදී දේශපාලනය වැලදගත් පොඩි රත්නගේ දේශපාලන මතය වූයේ දෙමළ ඊලම් සන්නද්ධ ව්‍යාපරයේ අරගලයට ජවිපෙ පූර්ණ සහයෝගය දැක්විය යුතුබවයි. ලයනල් බෝපගේ මහතා දැරූ ස්වයං තීරණ අයිතිය දීමටත් එහා යමින් LTTE ජනඅරගලයක් බව ඔහු ප්‍රකාශකලා. ඊට එවකට රෝහණ විජේවීර මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය එකග නොවූ නිසා එවකට පක්ෂ ලේකම්ව සිටි ලයනල් බෝපගේ මහතා සහ පොඩිරත්න මහතා ජවිපෙ දේශපාලනයෙන් ඉවත් විය. ජවිපෙ දේශපාලන මණ්ඩලය තුල පරාජයට පත්වූ එම මතවාදය පක්ෂ තුල යටගොස් තිබුණු අතර එය සක්‍රීය කිරීමේ උවමනාවක් ඇත් දැයි සැක සිතුනේ පුබුදු ජාගොඩ මහතා හා අශෝක මහතා ADP රත්නායක මහතා හමුවී අයියේ අපි ආපහු වැඩ කරමු කියා ලංකා පුවත්පත මගින් සංවිධානය කල ජාතික විමුක්ති කථිකාව සදහා සෑදු අභ්‍යන්තර කවයේ සමාජිකත්වය 2011 මාර්තු මාසයේදී ලබා දීමත් සමගයි. ඒ අනුව මැයි 30 පැවති ජාතික විමුක්ති කථිකාවට (වටරවුමෙන් හරි පාරට) ප්‍රේක්ෂකයෙකු ලෙස පොඩිරත්න මහතා සහභාගී විය. 

නමුත් මේ පිළිබද මැයි 30 දා කොළඹ මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවති විවෘත සංවාදය පිළිබද අත්‍යවශ්‍ය පසුසටහනක් වශයෙන් ජුනි 05 ලංකා පුවත්පතේ මේ පිළිබද සමාලෝචනයේදී සුමිත්චාමින්ද මහතා විදර්ශන කන්නන්ගර මහතා පුබුදු ජාගොඩ මහතා සමග පොඩිරත්න මහතාත් එකට තබා සමාලෝචනය ගැනුනි. නවයැයි කියා ගත් නමුත් බොහෝ පැරණි මතයකට එසේ ක්‍රමාණුකූල පැවැත්මක් ලබාදුනි.
ඒ මිතු දමේ දිගුවක් ලෙස මේ මෙහොතේ පොඩිරත්නේ මහතා ජවිපෙ කට්ටිවාදී දේශපාලනයේ සක්‍රීය වී ඇත.